(එෆ්.අස්ලම්)
දෙමළ ජාතික සන්ධානයට අභියෝග කරන ජනතාවාදී පුළුල් දේශපාලන බලවේගයක් ජාතික දෙමළ සන්ධානය (NTA) නමින් පිහිටුවන බව උතුරු නැගෙනහිර හිටපු ප්‍රධාන අමාත්‍ය දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂයේ නායක ඒ.වරදරාජා පෙරුමාල් මහතා පැවසීය.
දෙමළ ජනතාව වෙනුවෙන් මෙපමණ කාලයක් දෙමළ ජාතික සන්ධානය කටයුතු කළේ රැවටිලි සගහතව බවත් මීළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණයට ප්‍රථම මෙම සන්ධානය ගොඩනඟන බවත් හෙතෙම කියා සිටියේය.
ජාතික දෙමළ සන්ධානය ගොඩනැගීම වෙනුවෙන් ඊ.පී.ඩී.පී පක්ෂය,දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂය,ටී.ඇම්.වී.පී, දෙමළ ප්‍රගතශීලී පක්ෂය, දෙමළ ජාතික නිදහස් පෙරමුණ, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ, ටෙලෝ ඇතුළු උතුරු නැගෙනහිර දෙමළ පක්ෂ ගණනාවක් සමඟින් සාකච්ඡා සිදුවෙමින් පවතින බවද කියා සිටියේය.
උතුරේ ජනතාවගේ ගැටලු සෙල්ලමකට ගනිමින් දෙමළ ජාතික සන්ධානය රැවටිලි සහගතව කටයුතු කිරීමත් දෙමළ ජනතාවගේ ගැටළුවලට තවමත් විසදුම් නොලැබීමත්,එම ජනතාවගේ ගැටළු නව රජය මාර්ගයෙන් විසදා දීම පිණිස ජනතාවාදී දෙමළ දේශපාලන බලවේගයක අවශ්‍යතාව මතුවී තිබීමත් ඒ වෙනුවෙන් රටට ආදරය ඇති සියළු දෙමළ දේශපාලන බලවේග ඒකරාශී විය යුතු බවත් කී වරදරාජා පෙරුමාල් මහතා මෙම සන්ධානය ගොඩනැගීම පිළිබද සිදුකරන ලද සියළු සාකච්ඡාවල විශාල ප්‍රගතියක් දක්නට ලැබෙන බවද සදහන් කළේය.
එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය මත පිහිටුවන නව ආණ්ඩුව තුළින් දෙමළ ජනතාවගේ ගැටලු නිසැකවම විසදන බවද හෙතෙම අවසන් වශයෙන් කියා සිටියේය.
COMMENTS
උතුර සහ නැගෙනහිර ජනතාව දිනා ගැනීමට වහාම එම පළාත්වල දේශපාලඥයින් හරහා මුදල් හා ප්‍රතිසම්පාදන යොදවනවා වෙනුවට ආණ්ඩුකාරවරයා හට පුර්ණ බලතල ලබා දී මධ්‍යම රජය එම පළාත් වල සංවර්ධනයට ඍජුවම මැදිහත් වී ඒවා ජනතාවට පත්කළ යුතුයි. එවිට ඒ දේශපාලඥයින්ට ඕන ඕන විදිහට ජනතාව පාලනය කිරීමට නොහැකි වේවි.
ඇයි මේ දෙමල සහ මුස්ලිම් අය බෙදී වෙන් වෙන්න යන්නේ. මට අර කෑල්ල ඕන මේ කෑල්ල ඕන කියනවා. අපි නෙමේ ඔව්න් තමයි ජාතිවාදී. හැමෝටම එකට ජීවත් වෙන්න පුළුවන්නේ.
දැන්වත් දෙමල ජනයා දෙමල ජනයා කියා කියා ඒ අසරණ මිනිසුන්ව විකුණගෙන කන්නේ නැතුව අඩු ගානේ ශ්‍රී ලාංකික වෙන්න . මේගොල්ලන්ගේ "දෙමල " ලේබලේ නිසා මේ රට ට පුළුවන් තරම් හානියක් කළා .. තවමත් එයාලගේ පක්ෂ වල නමට දෙමල වචනේ අමුණනවා. අපි සිංහල කියලා නිකමට කිව්වා ගමන් බට්ටෝ වැලක් පත්තු කරගෙන උඩ පනිනවා. එතනින් ම පෙනෙනවානේ කවුද ජාතිවාදියෝ කියලා.
දැනට දේශප්‍රේමී සෙට් එකේ ඉන්න මේගොල්ල එහෙම සංවිධානයක් හදලා මැතිවරණයක් එද්දී එජාපයට හේත්තු වෙනවා. ඊට පස්සේ වීරවන්ශලා දැන් දේශප්‍රේමී මේගොල්ලන්ව කොටි කියලා වෙනස් කරනවා. උතුරේ අයයි දකුණේ අයයි ජාතිවාදෙට මරාගන්නවා. ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් ඡන්දෙ දිනනවා. අපි දැන් මේ නාට්ටිය අවුරුදු කීයක් තිස්සේ දකිනවද?
රටින් කෑල්ලක් අපිට එපා උතුර නැගෙනහිරටත් සියලුම පහසුකම් දීලා අපේ ජීවන තත්වයත් පහසු කරන්න කියන තේමාවෙන් එන්න. 1983 කලින් උතුරේ තිබුන සිංහල බේකරි, සිංහල රත්තරන් බඩු කඩ සාප්පු නැවත අරින්න ඉඩදෙන්න.