(ලක්ෂ්මී ජයකොඩි)
දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරු නැගෙනහිර පළාත් ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂ 10 ක් එකාබද්ධව ‘දෙමළ ජාතික කවුන්සිලය’ නමින් නව දේශපාලන පෙරමුණක් පිහිටුවීමට යෝජනා කර ඇත.
ඒ පිළිබඳ අවසන් තීරණය ගැනීමට එම දේශපාලන පක්ෂ ලබන 28 වනදා යාපනයේදි රැස්වීමට නියමිත බව ඊපීආර්එල්එෆ් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක නියෝජීතයින් පිරිසක් විසින් යාපනයේ පැවැත්වු සාකච්ඡාවේදි ගනු ලැබු තීරණ දැනුම්දීම වෙනුවෙන් පැවැත්වු මාධ්‍ය හමුවේදීය.මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා මෙසේද කීය.
“උතුරු නැගෙනහිර පළාත් දෙමළ දේශපාලන පක්ෂ නැවතත් යාපනයේදි රැස්වුණා. එහිදි කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කෙරුණා. එහිදි ජනීවා මානව හිමිකම් කවුන්සලයේදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනාව හා ඉන් පසුව ගන්නා තීරණයන් පිළිබඳව සාකච්ඡා කෙරුණා.
මීළගට උතුරු නැගෙනහිර පළාත් සිවිල් සංවිධාන, ආගමික නායකයින් ලබන 26 වනදා වව්නියාවේදි රැස්වීමට නියමිතව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තාව පීඩාවට පත් දෙමළ ජනතාවට විසදුමක් ලබාදෙන්නක් විය යුතුයි. නමුත් ඉදිරිපත්ව ඇති වාර්තාවේ එවැන්නක් සඳහන්ව නැහැ. ඒ හේතුවෙන් දෙමළ ජනතාව රැවටීමටකට ලක්ව තිබෙනවා. එම යෝජනාව සකස් විය යුතුව තිබුණේ දෙමළ ජනතාවට විසදුමක් ලබාදෙන ආකාරයෙන්. අප පක්ෂ විසින් ඉදිරිපත් කළ ඉල්ලීම් එහි ඇතුළත්ව නැහැ. එබැවින් දෙමළ ජනතාවට යුක්තිය සාධරණය ඉටුවීම යන කාරණා ජාත්‍යන්තර මට්ටමින් විසදා ගත යුතු බව අපගේ මතයයි.
අපගේ මෙම ඉල්ලීම් ඉදිරිපත් කර ගැනීමට අප එක්විය යුතුය යන ස්ථාවරයේ අප සියලු පක්ෂ සිටිනවා. එසේ සිතන ඕනෑම දේශපාලන පක්ෂයකට සංවිධානයකට අප හා එක්විය හැකියි”
මෙම මාධ්‍ය සාකච්ඡාවට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී. වී. කේ සිවඥානම් මහතා ද එක්ව සිටියේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
දෙමළ දේශපාලන පක්ෂ 10 ක් එක්වෙයි