IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රිට එරෙහිව වව්නියාවේ විරෝධයක්

(  සිතුම් චතුරංග)

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් මහතා , වන්නි දිස්ත්‍රික් ඊ.පි.ඩි.පි පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් තිලීපන් මහතාට  කළ අපහාසාත්මක ප්‍රකාශයකට විරෝධය දක්වමින් ඔහුගේ ආධාරකරුවෝ පිරිසක් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.

එම ප්‍රකාශය සිදුකළ  පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් මහතාගේ‍ රුවට සමාන අනුරුවක් සකසා විරෝධතාකරුවෝ  පාවහන්වලින් පහරදී, ගිනි තැබීම සිදුකළහ.

විවාදයක් අතරතුරදී කුලසිංගම් දිලීපන් මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ නම ප්‍රකාශ කිරීමේදී සිදුවූ අතපසුවීමක් එම මන්ත්‍රීවරයාට සිතාමතා අපහාසයක් කළ බවට චෝදනාකරමින් ශීදරන් මන්ත්‍රීවරයා දිලීපන් මන්ත්‍රීවරයාට බැණ අපහාස කොට ඇති බවද විරෝධතාකරුවෝ කීහ.

විරෝධතාකරුවන් පැවසූවේ රජයේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන රජයට පක්ෂපාති තිලීපන් මහතා සම්බන්ධයෙන් ශ්‍රීධරන් මහතා සිදුකළ අපහාසාත්මක ප්‍රකාශයට  වන්නි දෙමළ ජනතාවට සිදුකළ අපහාසයක් බවත්ය.

වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට සිට වවුනියාව පැරණි බස් නැවතුම්පොළ දක්වා විරෝධතාකරුවෝ  ප්‍රධාන මාර්ගය අවහිරකරමින් විරෝධතා පෙළපාලියකද නිරතවූහ.

 

.

 

 

 

         

 



අදහස් (0)

දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රිට එරෙහිව වව්නියාවේ විරෝධයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site