(ටී.කේ.ජී.කපිල )
දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ මෙරට ව්‍යාපාරික කාන්තාවක සහ තවත් පුද්ගලයෙක් අද (21) කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි.
අත්අඩංගුවට ගත් 35 හැවිරිදි පුද්ගලයා නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර , ව්‍යාපාරික කාන්තාව 52 හැවිරිදි හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචිකාරිනියකි .
ඔවුන් දෙදෙනා අද(21) දින උදෑසන 7.00 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් 547 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
ඔවුන් දෙදෙනා රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ රුපියල් 19,50,000 ක් වටිනා මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 39,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 195 ක් සඟවා ගෙන සිටි බව රේගුව පවසයි .
2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
890
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2520
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
දුම්වැටි සමඟ රේගුවේදී දෙදෙනෙක් අත්අඩංගුවට