(යොහාන් භාසුර)

දුම්රිය ආසන කලින් වෙන්කරගැනීමේ කටයුතුවලින් දුම්රිය ස්ථානාධිපතිවරු අද (12) පස්වරුවේ සිට ඉවත් වූ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසීය.

ආසන කලින් වෙන්කරන දුරගමන් සේවා දුම්රිය අඛණ්ඩව හිටි හැටියේ අවලංගු කිරීමෙන් ජනතාවට සිදුවන අපහසුතාවට විරෝධය දක්වමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹි බවත් අද දිනයේ ද දුරගමන් සේවා දුම්රිය රැසක් කලින් නොදන්වා අවලංගු කර ඇති බවත් කසුන් චාමර මහතා කීය.

දුම්රිය බලධාරීන් විවිධ හේතු දක්වමින් ඇතැම් දුරගමන් සේවා දුම්රිය ප්‍රමාද කරමින් ජනතාව අපහසුතාවට පත්කරන බව කී කසුන් චාමර මහතා පසුගියදා ‘පොඩි මැණිකේ’ දුම්රිය පැය දෙකක් ප්‍රමාද කළ බව ද සඳහන් කළේය.