IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දුම්රිය වෘත්තිය සමිති 19 ක් මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක

 

(නිමල කොඩිතුවක්කු)

සියලුම දුම්රිය ධාවනයෙන් ඉවත්ව අද (22) මධ්‍යම රාත්‍රි 12.00 සිට හෙට (23) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා එක්දින දුම්රිය වැඩවර්ජනයක නිරතවන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය.

උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්තේ දක්වා කිලෝමීටර් 131 ක දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම ගලවා නැවත ඉදිකිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය ක්‍රියාත්මක බවත් දොඩංගොඩ මහතා සඳහන් කළේය.

දුම්රිය රියදුරු, නියාමක, තාක්ෂණ ශිල්පී, රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලා සේවකයන් හා ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සමිතිය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති 19 ක් ඒකාබද්ධව මෙම විරෝධතාවය ක්‍රියාත්මක කරන බවත් කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු පැවසීය.

මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතිය සඳහා ඉන්දීය සමාගමක් සමග සමග ගිවිසුම් ගතව ක්‍රියාත්මක කරන මට්ටමට පැමිණ ඇති බැවින් සියලුම වෘත්තීය සමිති එක්ව මෙම තීරණය ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් දුම්රිය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් සමග අවස්ථා ගණනකදී සාකච්ඡා කළත් ඉන් කිසිදු පලක් නොවූ බවත් දොඩංගොඩ මහතා පැවසීය.

දුම්රිය පරිපාලන මාර්ග නඩත්තු දුම්රිය එන්ජින් හා මැදිරි නඩත්තුව ආදී සියලි සියලු කටයුතු මේ වන විට අඩපණ වී ඇති බවත් හෙතෙම එහිදී පැවසීය.

මේ හේතුවෙන් දුම්රිය මගීන් කාර්ය මණ්ඩල විශාල අසීරු තත්ත්වයකට පත්ව ඇති බවත් දොඩන්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (1)

දුම්රිය වෘත්තිය සමිති 19 ක් මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක

THILAK Monday, 22 February 2021 01:43 PM

යහපාලනය වගේ ලේසි නෑ..

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 667 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1112 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site