(මහින්ද නිශ්ශංක)
නව දුම්රිය බලවේග කට්ටල 8ක් ලබන ජනවාරි මාසයේ සිට ධාවනයට එක්කරන බව දුම්රිය සේවා රාජ්‍ය ඇමැති සී. බී. රත්නායක මහතා පැවසීය.
චීනයෙන් ආනයනය කරන මෙම බලවේග කට්ටල 8න් හතරක් මේ මාසයේ ලැබෙන බවත් අමාත්‍යවරයා කීය.
(මහින්ද නිශ්ශංක)
නව දුම්රිය බලවේග කට්ටල 8ක් ලබන ජනවාරි මාසයේ සිට ධාවනයට එක්කරන බව දුම්රිය සේවා රාජ්‍ය ඇමැති සී. බී. රත්නායක මහතා පැවසීය.
චීනයෙන් ආනයනය කරන මෙම බලවේග කට්ටල 8න් හතරක් මේ මාසයේ ලැබෙන බවත් අමාත්‍යවරයා කීය.
COMMENTS
තඩි කොමිස් කුට්ටියක් ඇති. කවුරුහරි ඇහුවොත් කියයි මගේ කාරිය රටට ජනතාවට සේවය කරන එක කියලා.
මේවා පසුගිය රජය ඇණවුම් කළ ඒවා. ඒ හින්දා මෙම බලවේග කට්ටල විවෘත කිරීම ඒ රජයේ ප්‍රවාහන ඇමතිට බාර දිය යුතුයි.
කොමිස් එක සීයට කීයද?
අලුත් බලවේග වුණාට, තාම දුවන්න වෙන්නේ සුද්දා හදපු පීලි උඩ... එ්කනේ හැමදාම පීලි පනින්නේ...
පරණ කට්ටියට කිවා වගේ මේ ගොල්ලන්ටත් කියන්න වෙන්නේ අපේ වැඩ කියලා. නමුත් ජනතාව දන්නවා කවුද ඇණවුම් කලේ කවුද බාරගත්තේ කියලා... කවුරු කොහොම කිව්වත් මේ ඔක්කොම ආපහු ගෙවන්නෙත් පොදුජනයා විත්තිය පොඩ්ඩක් මතක තියාගන්නකෝ...
දුම්රිය කොච්චර ගෙනාවත් වැඩක් නැහැ. සති අන්තයේ දුම්රිය අඩුයි, අපි සති අන්තයේත් වැඩ කරන අය, තවද අර අවුරුදු ගාණක් පරණ ටයිම් ටේබල් එක බලන්න. අප්ඩේට් කරලම නැහැ. පොඩි ගානක් වියදම් කරලා එ්ක ලස්සනට හදන්න පුළුවන්... ඇප්ස්ටෝ එකට ඇප්එකක් හදලා දාන්න පුළුවන්.. ඔන්ලයින් සේවා මීට වඩා දියුණු කරන්න පුළුවන්.. ඒවා ගැනත් උනන්දු වෙනවා නම් හොඳයි. අනිත් එක කොයිතරම් අලුත් දුම්රිය ගෙනාවත් ඒවා හරියට නඩත්තු කරන්නේ නැත්නම් ටික කාලෙකින් ජරාවෙලා යනවා.. ගියමාසයේ ගෙනාපු ට්‍රේන්වල සමහර අංග දැන් වැඩ නැහැ.. හැම ස්ටේෂන් එකකදීම දුම්රිය ඇතුලේ කළ එනවුන්සින් දැන් නැවතිලා.. අැයි ඒ තරම් නොසැලකිලිමත්, රාජ්‍ය ආයතන පිරිහෙන්නත් දියුණු නොවන්නත් හේතුව ඕක... අපි ප්‍රයිවට් බස් කාරයින්ට බැන්නට ඔවුන් ආදායමෙන් කොටසක් බස් එකට වියදම් කරලා ඔවුන්ගේ හැටියට ලස්සනට තියාගන්නවා.. සීටීබී බස් බලන්න ටික කාලෙකින් ගන්න දෙයක් නැහැ..
අලුත් දුම්රිය ගෙනෙන්න කලින් අලුත් මාර්ග පද්ධතියක් ගැන හිතන්න. කොළඹ කටුනායක අධිවේගී මාර්ගය මුල්ගල තියල පටන් ගත්තේ 1968 දීය. එහෙත් ඉවර කලේ අවුරුදු 40ක් ගිහින්. ඉස්සර හිටපු සී .පී. ද සිල්වා ඇමති තුමා මේ යෝජනාවල් ගෙනත් තිබුනේ මහවැලි යෝජනාත් එක්කම කියලා අපි අහලා තියෙන්නේ. කොතරම් දිගු දැක්මක් තිබුණු අයෙක්ද. එහෙත් 1970 ඡන්දෙදි ඔහු පැරදුනා. අපි ගුණමකු ජාතියක්. සුද්දා හදපු දුම්රිය මගෙනුත් 200.KM විතර අපි අත හැරියා.