
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සිල්පර සැපයීම වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව රාජ්‍ය දැව සංස්ථාවට රුපියල් කෝටි හතළිස් එකකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව )පවසයි.
මෙම ප්‍රශ්නය රාජ්‍ය දැව සංස්ථාව ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සති තුනක් ඇතුළතදී ඉදිරිපත් කරන ලෙස එම කමිටුව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට නියෝග කර ඇත.
රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ විශේෂ වාර්තාවක් එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. මෙම තොරතුරු සඳහන් වන්නේ එම වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහමනම් මගීන් දුම්රියෙන් නොමිලේ ගමන් කරලා ඇති, තෙල් සංස්ථාව වාහනවලට නොමිලේ තෙල් දීල, විදුලිබල මණ්‌ඩලය නොමිලේ ජනතාවට විදුලිය සපයල, ජල සම්පාදන මන්ධලය නොමිලේ ජනතාවට ජලය දීල, සතොස නොමිලේ ජනතාවට භාණ්ඩ දීල සහ රටේ පාලකයෝ නිකම් ජනතාවට සේවය කරලා. නැතුව කොහොමද පාඩු ලබන්නේ? මේ රටේ වැසියෝ කොච්චර වාසනාවන්තයි .