
(යොහාන් භාසුර)
නිසි සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රමවේද අනුව දුම්රිය ධාවනය ආරම්භ කරන ලෙස සහ දුම්රිය ධාවනය ආරම්භ කළ නොහැකි නම් ඒ සඳහා බලපා ඇති හේතු මොනවාදැයි දැනුවත් කරන ලෙසත් ඉල්ලමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ලිපියක් යොමුකර තිබේ.
පළාත් සංචරණ සීමා පැවතිය ද රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ බොහෝ ආයතන, පාසල්, කඩ සාප්පු ආදිය විවෘත කර බස් ධාවනය ආරම්භ කරමින් දුම්රිය සේවකයන් බොහෝ දෙනෙක් රාජකාරියේ නිරත වෙමින් රටේ බොහෝ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවත් එවැනි තත්වයක් තුළ දුම්රිය ධාවනය නොවීම ප්‍රවාහන මාධ්‍ය ලෙස දුම්රිය පාවිච්චි කරන සියලුම දෙනා දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බවත් එම ලිපියේ සඳහන් වේ.
අවස්ථා කීපයකදී දුම්රිය ධාවනය ආරම්භ කිරීමට සුදානම් වුවද නැවත දැනුම් දෙන තුරු දුම්රිය ධාවනය අත්හිටුවා ඇති බව කියන දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අනිකුත් සියලුම කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන්නේ නම් දුම්රිය ධාවනය පමණක් දින නියමක් නොමැතිව අත්හිටුවීම බරපතල තත්වයක් බවත් එම ලිපියේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.
COMMENTS
ඉතින් ස්ට්‍රයික් එකක් කරන්නකෝ... අපි දන්නවනේ මේ උන්දැලා මිනිස්සු අමාරුවේ දාලා වැඩවර්ජන මහා දවල් කරපු හැටි... දැන්වත් තේරෙනවද තමුන්ලාගේ ආයතනය තියෙන තැන. ඒක හින්දා දැන්වත් ඔලුව කල්පනා කරලා සාධාරන විදිහට ඉල්ලීම් දිනාගෙන වැඩ කළොත් ඔබතුමන්ලටම තමයි හොඳ... නැත්නම් වෙන්නේ ඊළඟ පරම්පරාවෙන් දුම්රිය ඉවරවෙන එක...
ඩීසල් ගන්න සල්ලි නැති නිසාද?
අයියෝ තේරෙන්නේ නැද්ද ඕක දුවන්නේ කොහොමද තෙල් නැතුව
දුම්රියට ඩීසල් ගහලා පුලුවන්ද? ලොරි වලට ගහන්න ඩීසල් ඉතිරිකරගන්න ඕනනේ
දුම්රිය නැතිව මිනිස්සුන්ට වැඩ කරගෙන යන්න පුළුවන්... ඇත්තටම දුම්රිය සේවකයන්ට වෙන ජොබ් එකක් හොයාගන්නයි තියෙන්නේ... ඕක ධාවනය වුණොත් හැමදේම පාඩුයි..