(රොමේෂ් ධනුෂ්ක සිල්වා )

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නව සාමාන්‍යාධිකාරී ලෙස පත්වූ ධම්මික ජයසුන්දර මහතා එම තනතුරේ වැඩභාර ගැනීම කොළඹ මරදානේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවේ මුලස්ථානයේදී අද (08) සිදු කෙරිණ.

මහාසංඝරත්නයේ ආශිර්වාද මැද සුභ මොහොතකට අනුව රාජකාරි ලිපියකට තම අත්සන යොදමින් ධම්මික ජයසුන්දර මහතා නව තනතුරේ වැඩකටයුතු නිළ වශයෙන් ආරම්භ කළේය. හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත  ප්‍රනාන්දු මහතා ඇතුළු ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.