(***රංජන් කස්තුරි)
දුම්රියේ ගමන් කිරීම සඳහා කලින් ආසන වෙන් කිරීමක් අද (20) සිට අවශ්‍ය නොවන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.
රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවකයන්ට සිය රාජකාරී හැඳුනුම්පත පෙන්වා දුම්රිය ප්‍රවාහන පහසුකම් සලසාගත හැකි බවද එම අමාත්‍යාංශය කියයි.
දුම්රිය සඳහා කලින් ආසන වෙන් කරගත් පිරිස් නොපැමිණීම හේතුවෙන් ඉකුත් දිනවල ගැටලු ඇතිවූ හෙයින් එම නීතිය ඉවත් කළ බවද මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.
කෙසේ වුවද සාමාන්‍ය මගීන්ට දුම්රියේ ගමන් කිරීමට දැනට අවසර නොමැති බවද අමාත්‍යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙලි අත්ත රට කනවා. හොඳ සිස්ටම් එකක් හදන්න බැහැ. බෙලි අත්තේ මිනිසුන්ට සීට් එකක් දෙන්න ඕනකමට රටම කොරෝනා රකුසාට බාරදීලා...