IMG-LOGO

දුම්රිය කාර්ය සහයක නිලධාරිවරයා රුපියල් 2000 ක අල්ලස් ගනිද්දී අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය කාර්ය සහයක නිලධාරියකු හුනුපිටිය දුම්රිය හරස් මාර්ගය අසලදී ලොරි රියදුරෙකුගෙන් රුපියල් 2000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දි අද (28) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ  කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය.

පැමිණිලිකාර රියදුරු පැදවු ලොරි රථය ඉකුත් 26 වෙනි දින හුණුපිටිය දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය ආරක්ෂිත ගේට්ටුවේ ගැටී අනතුරට ලක්වී ඇති අතර එම අවස්ථාවේදී ඔහුගෙ ජාතික හැදුනුුම්පත සැකකාර දුම්රිය කාර්ය සහයක නිලධාරියා විසින් භාරයට ගෙන ඒ සම්බන්ධව හුනුපිටිය දුම්රිය ස්ථානාධිපති වෙත වාර්තා නොකර සිටීමට හා ඉදිරි නීතිමය කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 2000 ක අල්ලස් මුදලක් ඉල්ලා තිබී ඇතැයි ජේෂ්ඨ පොලිස් අධිකාරි වරිය කීය.

ඒ පිළිබඳ පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි එම ලොරි රථ රියදුරු අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකට අනුව එකී මුදල ලබාගනිද්දී  අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ජේෂ්ඨ පොලිස් අධිකාරිවරිය වැඩිදුරටත් පැවසුවාය.



අදහස් (5)

දුම්රිය කාර්ය සහයක නිලධාරිවරයා රුපියල් 2000 ක අල්ලස් ගනිද්දී අත්අඩංගුවට

sampath Sunday, 28 February 2021 03:17 PM

මේවගේ දේවල් සම්බන්ධව ඉතා දැඩිව ඔය දෙපාර්තමේන්තුව ක්‍රියාකළ යුතුයි. මේ වගේ මහා පරිමාණ වංචාවල් නිසා තමයි ඔය තිරිංග නැති කෝච්චි පවා ගේන්නේ.. මෙවැනි දේ නතර කළොත් කොච්චිය සුපිරියටම දුවයි. ලංකාවේ කෝච්චි ටික කාටහරි නිකන් දුවන්න දුන්නට මේවගේ වැඩ නොවේ. හරියට ප්‍රවාහනේ දියුණු වෙන්න පුළුවන්.

:       1       1

Pradeep Sunday, 28 February 2021 04:01 PM

නියමයි. මේ වගේ පොඩි පොඩි අල්ලස් ගන්න, පොඩි පොඩි හොරකම් කරන අයට උපරිම දඬුවම් දෙන්න ඕනෑ. මහාපරිමාණයෙන් අල්ලස් ගන්න, හොරකම් කරන අය ඉන්න අපේ වගේ රටකට මේ වගේ පොඩි අය කරන්නේ නින්දාවක්...

:       0       4

Perera Sunday, 28 February 2021 06:47 PM

අල්ලස් අරන් බේරෙන්න නම් කෝටි ගණන් කුට්ටි ගන්න ලොක්කෙක් විය යුතුයි.

:       0       1

Rata Perata Monday, 01 March 2021 07:46 AM

ඕවා මොනවද? කෝටිපති ඇමෙරිකානු 10% පක්ෂත් හදාගෙන හොඳටම නිදහසේ ඉන්නේ.. ඔන්න ඔය අහිංසකයාට යන්න දෙන්න. ලංකාව කියන්නේ මිනීමරපු පිල්ලෙයාන්ටත් සමාවදීලා... නඩු අස්කරගත්ත රටක්...

:       0       5

Bamunuarachchi Wednesday, 03 March 2021 05:05 AM

මෝඩයා... රුපියල් 2000 ට විශ්‍රාම වැටුප් සහිත රැකියාවක් බිල්ලට දුන්නා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 598 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site