මහින්ද නිශ්ශංක  

                                   
අමාත්‍ය මණ්ඩලය මගින් අනුමත කරන ලද එම්. පී. 1හා 2 වැටුප් පරිමාණ ලබාදීම තවදුරටත් ප්‍රමාදකිරීමට විරෝධය දක්වා දුම්රිය රියැදුරු, නියාමක, දුම්රිය පාලක, ස්ථානාධිපති හා අධීක්ෂණ කළමණාකරුවන් ලබන 26 මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩ වර්ජනයක නිරතවීමට අද (11) තීරණය කළ බව දුම්රිය ලෝකෝමෝටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියැදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.  

                         
අද(11) පෙරවරුවේ රැස්වූ දුම්රිය මෙහෙයුමේ අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ විධායක කමිටුව මෙම තීරණයට එළැඹි බව ඉන්දික මහතා කීය.