(මහින්ද නිශ්ශංක)
දුම්රියේ ගමන් ගන්නා මගීන්ගේ පහසුව සඳහා විද්‍යුත් ප්‍රවේශ පත්‍රයක් කඩිනමින් හඳුන්වාදීම සඳහා මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා හෙට (12) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.
මෙයට අමතරව දුම්රිය ආසන වෙන්කිරිමේ පද්ධතියක් (E-TICKETING SYSTEM) හඳුන්වාදීම සඳහා ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට ද පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය ලැබී තිබේ.
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දුම්රියට විද්‍යුත් ප්‍රවේශපත්‍රයක්
කමල් Tuesday, 11 February 2020 07:19 AM
මරදානේ දුම්රිය ස්ථානය ඇතුලත වේදිකාවලට පෙනෙන අයුරින් දුම්රිය කාලසටහන දක්වන්නේ නම් පහසුවකි.
A Liyanage Tuesday, 11 February 2020 07:25 AM
සතියකට වරක් කැළණිවැලි දුම්රිය කැඩිලා නමුත් ස්ටේෂන් එකට එනකන් මගීන් දන්නේ නැහැ. දුම්රිය නැති වග මහජනයා දැනුවත් කරන්න බැරිද.?
sam Tuesday, 11 February 2020 07:41 AM
හැමදාම "පරක්කුවෙලා" දුවන කෝච්චියට විද්‍යුත් ප්‍රවේශ පත්‍රය විතරක් "කඩිනමින්" ලබා දෙන්නේ කාගේ යහපතටද?
sachith Tuesday, 11 February 2020 07:56 AM
ප්‍රර්ථනා 2යි තියෙන්නේ මේ ගැන. මේ ව්‍යපෘතිය ක්‍රියාත්මක වෙන එක, බස් විද්‍යුත් ප්‍රවේශපත්‍රයට උන දේ මේකට නොවෙයි කියන ප්‍රර්ථනා දෙක.
රවින් Tuesday, 11 February 2020 07:56 AM
ඉස්සෙල්ලා හිටපු කට්ටිය ඔය වැඩේම නේද කරන්න හැදුවේ? එතකොට ඒ ගොල්ලන්ට කිවේ කොමිස් කියලා නේද? දැන්? කොයි කොයි කිල්ලොටෙත් හුණු තියනවාලු නේද?
Gayan Tuesday, 11 February 2020 10:10 AM
ඕක ගිය ආණ්ඩුවෙන් පටන් ගත්ත ගිය ආණ්ඩුවෙන් ලබාගත්ත ADB ණයකින් සිදු කරන කොළඹ තදාසන්න දුම්රිය කාර්යක්ෂම කිරීමේ ව්‍යාපෘතියෙන් කරන බවත් කියන්න.
de silva Tuesday, 11 February 2020 10:21 AM
අනේ ලෝකයට හිනා වෙන්න විහිලු සපයන්නේ නැතුව ඉන්න , හරියට ක්‍රියාත්මක වෙන දුම්රිය සංඥා පධතියක් පවා නැති අපට මේ ඊ ටිකට් එකකින් ඇති වැඩේ මොකක්ද ? මුලින්ම දෙපාර්තුමේන්තුවේ තිබෙන අත්‍යවශ්‍ය මුලික අඩුපාඩු ටික හරිගස්සගන්න.
Rohana Wednesday, 12 February 2020 06:36 AM
අපේ දුම්රිය සේවය තවමත් යල් පැනගිය සේවයක්. එසේ තිබියදී යාන්ත්‍රික අවසර පත්‍ර නිකුත් කිරීමෙන් පමණක් දුම්රිය සේවය නවීකරණ වෙන්නේ නැහැ. දුම්රිය මාර්ග සහ දුම්රිය සිග්නල් නවීකරනයකර කර දුම්රිය හරස් මාර්ග හැකිතාක් අවම කර නියමිත කාලසටහනකට අනුව දුම්රිය ධාවනය කරන්න අවශ්‍යයි. දුම්රිය සේවක වර්ජන ඇති නොවෙයි කියා බලාපොරොත්තු විය හැක්කේ සේවකයින්ට පක්ෂපාතී රජයක් දැන් බලයේ සිටින නිසයි.