(සුජිත් හේවාජුලිගේ )

රට පුරා ක්‍රියාත්මක කෙරෙන සංචරණ සීමා හේතුවෙන්   ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් කෝටි හැට අටකට වැඩි  පාඩුවක් මේ දක්වා ලබා ඇතැයි ඒවායේ ප්‍රධානීහු පවසති .

මේ අනුව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කෝටි 45 කට වැඩි  පාඩුවක්ද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් කෝටි 23කට වැඩි පාඩුවක්ද ලබා ඇතැයි සඳහන් වේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සාමාන්‍ය දිනකදි  රුපියල් කෝටි පහකට වැඩි ආදායමක් උපයන බව එහි සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවැසීය .

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ  නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී  පී. එස් පොල්වත්තගේ  මහතා පවසන්නේ   එම දෙපාර්තමේන්තුව සාමාන්‍ය දිනකදී උපයන ආදායම  රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වන බවයි.