(ටී.කේ.ජී.කපිල )

කටුනායක ගුවන් තොටුපළෙන් සෞදි අරාබියේ දමාම් බලා අද (14) සවස පිටත්වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක හයිඩ්‍රොලික් පද්ධතියේ බිද වැටීමක් හේතුවෙන් , එම ගුවන් යානය පැය 02 යි විනාඩි 10 ක පසු යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත පියාසර කිරීමට  එම ගුවන් යානයේ නියමුවා පියවර ගත්තේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 1263 දරන ගුවන් යානය නැවත කටුනායකට පියාසර කර ඇති අතර  එම ගුවන් යානය තුළ  මගීන් 146 දෙනකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 11 දෙනකු සමගින් 157 දෙනකු ගමන් කර ඇත.

මෙම ගුවන් යානය ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ඒ.- 320 එයා බස් වර්ගයේ ගුවන් යානයකි .

කටුනායකින් අද සවස 5.45ට පිටත් වූ ගුවන් යානය යළි රාත්‍රී 07.55 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට එම ගුවන් නියමුවා පියවර ගෙන ඇත.

මේ වනවිට මෙම ගුවන් මගීන් පිරිස වෙනත් ගුවන් යානයකින් යළිත් දමාම් වෙත යැවීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවා නිලධාරීහු පියවර ගනිමින් සිටිති .