
(ඩයනා උදයංගනී)
යුනෙස්කෝ සංවිධානය විසින් මෙරට දුම්බර රටා සංස්කෘතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පැවසීය.
හස්ත කර්මාන්තයක් ලෙස බහුල වශයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ සිදුකෙරෙන දුම්බර රටා යටතට කලාල, අත්කම් සහ කලා නිර්මාණ ආදිය අයත් වේ.
මේ දිනවල ප්‍රංශයේ පැවැත්වෙන යුනෙස්කෝ සංස්කෘතික උරුම කමිටුවේ 16 වැනි අන්තර් රාජ්‍ය හමුවේදී මෙම ප්‍රකාශ කිරීම සිදුකර ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේය.
මීට අමතරව මහනුවර ඓතිහාසික දළදා පෙරහැර ද යුනෙස්කෝ සංස්කෘතික උරුමයක් බවට පත්කරගැනීම සඳහා මේ වන විට කටයුතු කරගෙන යන බව මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා කීවේය.
COMMENTS
එ්කයි මම කියන්නේ හම්බ සංස්කෘතිය මෙරටට වැද්ද ගන්න එපා කියලා. ගස්වල එල්ලා එළුවන්, බැටළුවන් කපන සංස්කෘතිය මේ වටිනා සංස්කෘතියක් තිබෙන රටට එපා එපා එපාමයි...