(යොහාන් භාසුර)
වාර්ෂික කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර මතභේදාත්මක තත්වයක් උද්ගත වී තිබේ.
මෙම තත්වය හේතුවෙන් ක්‍රීඩකයන් කොන්ත්‍රාත්තුවට අස්සන් කිරීම ප්‍රමාද කරමින් සිටින බව ද වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2021/2022 වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති කොන්ත්‍රාත් ගිවිසුමෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල් සහ සුරංග ලක්මාල් යන ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත් මුදල සියයට 50 කින් පමණ කපාහැර ඇති බව වාර්තා වේ.
මීට පෙර පැවති කොන්ත්‍රාත්තු සමග සැසදීමේදී සමස්තයක් ලෙස ක්‍රීඩකයකුගේ ගෙවීමෙන් සියයට 35 කට ආසන්න මුදලක් කපාහැර ඇති බවත් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවෙන් මේ පිළිබඳව ප්‍රශ්න කරමින් සිටින බවත් දැනගන්නට තිබේ.
ශාරීරික යෝග්‍යතාව, වෘත්තීය දස්කම්, නායකත්ව ලක්ෂණ සහ අනාගත වටිනාකම යන ලක්ෂණ පදනම් කරගනිමින් මෙවර කොන්ත්‍රාත් ගිවිසුම ලබාදුන් බවත් එම ගිවිසුමට ක්‍රීඩකයන් 24 දෙනකු ඇතුළත්ව සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
එම ක්‍රීඩකයන් 24 දෙනා ඒ, බී, සී සහ ඩී යන කාණ්ඩ යටතේ ඇමරිකානු ඩොලර් 25,000 සිට ලක්ෂය දක්වා වන සේ කාණ්ඩ ගත කර තිබේ.
එහි ඉහළම කාණ්ඩයට ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල ඇතුළත්ව සිටින අතර ඔවුන්ට ඇමරිකානු ඩොලර් ලක්ෂයක් හෙවත් රුපියල් කෝටි දෙකකට ආසන්න වාර්ෂික ගෙවීමක් හිමිවේ.
කොන්ත්‍රාත්තුවට ඇතුළත්ව සිටින ක්‍රීඩකයෝ: ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල්, දසුන් ශානක, වනිදු හසරංග, ලසිත් ඇඹුල්දෙනිය, පැතුම් නිස්සංක, ලහිරු තිරිමාන්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, දිනේෂ් චන්දිමාල්, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන, ඕෂධ ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, ලහිරු කුමාර, ධනුෂ්ක ගුණතිලක, අෂේන් බණ්ඩාර සහ අකිල ධනංජය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්සන් කරන්නේ නැත්තම් අලුත් ක්‍රීඩකයන්ට ඒ තැන දෙන්න. මොකද මෙයාල හැමදාම කලේ ඕක. සල්ලි වලට විතරක් තරග කරලා මැච් එකකට ගියාම බෝල 10ක් 15ක් ගහල අව්ට් වෙලා ඔලුව වනවන අපහු එනවා. සමහර ජේෂ්ඨ කියලා කියාගන්න ක්‍රීඩකයෝ බංග්ලාදේශ් ටෙස්ට් මැච් වල ක්‍රීඩා කරපු විදිය කියන්නත් ලැජ්ජයි .
හැම ක්‍රීඩකයකුටම හැම මාසෙකම ලක්ෂ 5-10 දෙන්න ඊට වැඩිය දෙන්න එපා.
කොහොමත් ගාන වැඩි මෙයාලට මේ ගොල්ල ටැක්ස් ෆ්‍රී ද.?
ඔතන සිද්ද වෙන දේවල් ගැන දන්නෝ දනිති. හැම දේම මුදලට යටවෙලා. ක්‍රිකට් ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ....
ඔය ගෙවන ඒවා හොඳටම ඇති. ක්‍රීඩකයන්ගේ පස්සේ ඉන්නේ ක්‍රීඩකයන් පාලනය කරන මැනේජර්ගේ කොමිෂන් එක අඩු වෙන එක තමයි ඔතන තියෙන ප්‍රශ්නෙ. මේ වගේ ව්‍යසනයකට වැටිල තියෙන්නේ මුළු ලෝකෙම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආදායම් කපද්දී ඇයි අපි විතරක් ගෙවන්නේ? අනික මේ ගොල්ලෝ මොනවා කරලද?
කාල කාල හපකරලා දාපු ශ්‍රී ලන්කන් ක්‍රිකට් තවත් කාල දාමු.
අලුත් අය ගනිල්ලා.. ඉන්න අය එළවපල්ලා.
බැරිනම් අයින් වෙන්න කියන්න. තව ඕනෑ තරම් ක්‍රීඩකයෝ ඉන්නවා.
ඔය සීනියර් කියන අයව ලංකාවේ ඇර වෙන ලෝකේ කිසිම ලීග් ටීම් එකකට ගන්නේ නැහැ , ඒ ගොල්ලෝ ඕක දාලා ගියොත් ඒ අයට වෙන මුකුත් නැහැ.. ඒක හින්දා ඒ ගොල්ලන්ගේ තර්ජනවලට බයවෙන්න ඕනේ නැහැ...
තරඟ දිනන්න අමාරු නම් කොන්ත්‍රාත් දීමනා අඩු කලාම මොකෝ
ලකුණු 10ක් ගහගන්න බැරි වයසක අය ගෙදර යවලා අලුත් කොල්ලො ටිකක් ගේන්න. සීයට 25ක් ගෙවන්න. ඒ ඇති.වැඩ පෙන්වීම අනුව බෝනස් එකක් ගෙවන්න.
මේ අය තමන් උපන් රට වෙනුවෙන් නොවේ මෙතෙක් කල් ක්‍රීඩාකරලා තියෙන්නේ ලැබෙන මුදලට.. නොදකින් කාලකන්නි.. කරුණාකර ගිවිසුම් වලට අකමැති නම් එවන් අයව පන්නා දමන්න. තමන්ගෙන් තමන් උපන් රටට වියයුතු යුතුකම දෙවනුවට පළමුව ලැබෙන මුදල... නොදකින්..!!!
පේනවා නේද දැන් කරන්නේ ක්‍රිකට් ගැසීම නොව.., දීමනාවලට ගහ ගැනීමයි. අද රටේ මිනිසුන්ව එන්නත් කරන්නට මුදල් නැති කොට, මේ ක්‍රීඩාව සඳහා මහජන බදු මුදල් කාබාසිනියා කිරීම වහා නැවැත්විය යුතුයි.