
මරණ දඬුවම නියම වී සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදහස් කරන්නැයි ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පෙත්සමකට අත්සන් තබා ඇත.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ කාර්යාලයෙන් එම පෙත්සම ජනාධිපතිවරයාට යොමුකර තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු තිදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මහතා සහ තවත් සිවුදෙනෙක් වරදකරුවෝ වූහ. ඒ අනුව ඔවුන්ට මහාධිකරණයෙන් මරණ දඬුවම නියම විය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට ලක්වූයේ 2011 වසරේ පැවැති බස්නාහිර පළාත් සභා මැතිවරණය අතරවාරයේදීය.
ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම නියම කෙරුණු අතර අදාළ නඩු තීන්දුව බෙදුණු තීන්දුවක් විය. විනිසුරුවරුන් වන පද්මිණි රණවක මහත්මිය සහ චරිත් මොරායස් මහතා සැකකරුවන් පස්දෙනා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් කරමින් ඔවුන් පස්දෙනාට මරණ දඬුවම්නියම කළහ. කෙසේ නමුත් ශිරාන් ගුණරත්න මහතා සැකකරුවන් පස්දෙනා සියලු චෝදනාවලින් නිදහස් කළේය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ පියාය.
ඉකුත් දා පැවැති ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට පැමිණි සියලු දෙනා දුමින්ද සිල්වා මහතා නිදහස් කරන්නැයි ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ කාර්යාලයෙන් ඉදිරිපත් වූ පෙත්සමට අස්සන් තබා ඇත.
අදාළ පෙත්සම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් වීමට නියමිත අතර බොහෝ දුරට ඊට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිවනු ඇතැයි පැවැසේ.
දහනවවැනි වියේ පසු වූ ඉවෝන් ජොන්සන් තරුණිය ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ජූඩ් ශ්‍රමන්ත ජයමහට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමාව දුන්නේය.
(සන්ඩේ ටයිම්ස්)
055
COMMENTS
අපේ ජනපති තුමාට ජය වේවා, රට ජාතිය වෙනුවෙන් කරන සේවයට.
සෞභාග්‍යට ඉතා සීඝ්‍රයෙන් ලංවන බවයි
අපි හිතුවා. තව තව විශ්මිත දේවල් වැඩිකල් නොගොස් බලාගන්න පුලුවන්වේවි. කෝකටත් තෛලය හෙවත් "ජනතාවගේ කැමැත්ත " තියෙනවානේ පතුරු ගහන්න.
නිදහස් වෙයි අවුරුදු 4කට ආයේ පන තියෙන ආණ්ඩුවක් ආවොත් එයා ආයේ ඇතුලේ එලියට ගත්ත අයත් එක්ක.
මෙහෙම කලොත් රටට අධිකරණය, නීතිය, විනය අවශ්‍ය නැහැ. මෙහෙම මරණ දඬුවම නියමවුවන් ඔක්කොටම දෙනවද.?
අනේ හොඳයි.
ඔය එන්නේ කොවිඩ් අස්සේ තව මුට්ටියක්.
එතකොට මෙයා කරපු වැරැද්දම කරලා සිර ගතවී සිටින අනෙක් සිරකරුවනුත් මනුශ්‍යයෝ නේද.?
හොඳ අදහසක්.
කරුණාකර පෙත්සමට කන්ජිපානි, වෙලේ සුදා, පොඩි ලැසී සහ තවත් අය ඇතුළත් කරන්න.
සුද්දා මේ රට නැවත යටත් කරගන්තානම් හොඳයි.
වැඩ කරන අපේ විරුවා... පකිස්තාන් බාස්මතී වලට වට මැනලා අර ගත්ත පොල් ගෙඩියක කිරි මිරිකලා අරන් කිරිබත් කන්න ලෑස්ති වෙලා ඉන්න.
2/3 දුන්න ජනතාව මොකද කියන්නේ.
මේක කලොත් 2025 ගෝඨාභය මහතා ගෙදර... 2025 දුමින්ද සිල්වා පාර්ලිමේන්තුවේ ඇමති කෙනෙක් වෙලා ඉදී... එතකොට ඔය පෙත්සම් ගහපු කවුරුවත් හොයාගන්නවත් වෙන්නේ නෑ.
අත් හෝදගෙන, මාර්ක්ස් දාල මීටරේ දුරින් එපිට ඉඳගෙන 20 ක් බලාපොරොත්තුවෙන් ඡන්දය දුන්නේ ඕකටයි. එකම රටක් එකම නීතියක් ........ වියතුන්ට හොඳට නින්ද යයි.
ඔය නිකං මරිසි. කොහෝමත් මෙයා නිදහස් කරනවා.
අපේ ඇදුම් අපිම ගලවාගන්නම් , ඒක ලැජ්ජාවක් නැත !
සංවේදී වෙයිද මන්දා.
නියමයි. ජයවේවා !!
කලින් කරපුවා කරන්න නෙවෙයිනේ මේ ජනාධිපතිතුමා පත් කරගත්තේ
මෙහෙම බලාගෙන යනකොට අපේ ලංකාවේ අධිකරණය හෝ විනිසුරුවරුන් ඕනනැති බව පේනවා.
ඉතා හොඳ තීරණයක්.
බිය නොවන්න රටේ නීතිය බල්ලට ගිය කාලය දැන් අවසන් වෙමින් පවතී.
හිටපු ජනාධිපති හොඳ නැති නිසානේ නව ජනාධිපතිතුමා පත්කරගත්තේ. ඉතින් පරණ කෙනා කරපු වැරදි මෙතුමා කරන්න ඕන නැහැනේ.
අනිවාර්යයෙන්ම මෙය විය යුතුමය. එදා අධිකරන තීන්දු වෙනස් කරපු ආකාරය හඩපටවලින් මනාව ඔප්පු වුනා. දේශපාලන පලිගැනීමක් විදියට මිනිස්සු හිරේ දැමීම අනුමත කරන්න බෑ
අර මන්ත්‍රිනියයි, නළු මන්ත්‍රීයි කොයි තරම් මහන්සි වෙලාද හිරේ දාන්න ඇත්තේ. අරයා කියන්න ඇති කොහොමහරි එල්ලුම්ගස්ම යවන්න කියලා. මෙයා කියන්න ඇති හඩපට තියෙනවා මම වැඩේ කරලා දෙන්නම් කියලා. ඒ ගොල්ලො ගහලා තියෙන ගේම්වල හැටියට මෙහෙම නොකරයි කියලා හිතන්න බැහැ.
සුදුපිරුවට ඇගේ ඔතාගත්තත්.... අනුන්ගේ රුධිරය පේනවා සුදු රෙදි අස්සෙන් හොදට.... කොච්චර පිං දහම් කෙරුවත් හතර පෝයට හැමතැනම..... පව්කාරයන් නොවුනේ කව්රුන්ද දියවන්නාවේ ඉන්න......
කොළ රතු නිල් දකිනාවිට නොපෙනෙ යැයි කියනා දෑසට... බඩු කිරනා තරාදිත් බර වෙන්නේ කැමතිම පාටටනේ.....
යහපාලන ආන්ඩුව ඇවිල්ලා ටික දවසකින් ඡන්දෙ දීපු එකෙක් බේතකට හොයාගන්න බැරි වූනා මේ අයටත් වැඩිදවසක් යන්න කලින් ඒ ටිකමයි වෙන්නෙ. ඡන්දෙ දීපු එකෙක් හොයාගන්න බැරිවෙනවා.
ඒ අය බලයේ ඉන්නවිටදී මේ අය ඇතුලට යවන්නේ.... මේ අය බලයේ සිටින විටදී එයාලා ඇතුලට යවන්නේ....... උන් මුන් දෙගොල්ලොම මරාගමින් ජීවිකාව ගෙවන්නේ......
69 ලක්ෂයේ උත්තරීතර බලාපොරොත්තුව.
මොහුව ඇතුලට දැම්මේ බොරුවට.
අවුරුදු ගාණක් ජනතා මුදල් වලින් නඩු අහලා.., හිරේ ගියාම ජනාධිපතිට පුළුවන් නිදහස් කරන්න.. මේක රටේ නීතිය හෑල්ලු කිරීමක්. මෙන්න මේවා තමයි ව්‍යවස්ථාවකින් නැති කරන්න ඕනෑ..
බලන්න හෙට, අනිද්දාට මෙයාවත් ආයුධ පෙන්නන්න එළියට එක්කන් යාවි. මේකේ බනින අය දන්නේ නෑ සර්ගෙ හැටි...
අපේ රට ගැන සිතන විට මහත් ලැජ්ජාවක්, කණගාටුවක්, දුකක්, සංවේගයක්... හැමදාම මිනිස්සු ගොනාට අන්දවලා දේශපාලකයින් අපායට යන පාරවල් ඇරගත්තා. මේ අවසාන වතාවට රැවටුනේ. ඇමරිකාවෙන් ඇවිත් ගිවිසුම අත්සන් කරලා වැඩපටන් ගත්තාම කාට කියන්නද? අනේ අපේ රටට ගිය කලක්...
යාපාලා, සාමාන්‍යයෙන් හොඳ පවුල්වල අය කියලයි අපි හිතන්නේ. හඬ පටියෙන් එහෙම දෙයක් ඔප්පු වෙනවා !. ඇයි කණේ අමාරුවක් තියෙනවා නම් බෙහෙතක් අරගන්න. ඒකෙන් ඇහුනේ විශ්‍රාම යාමට පෙර තමන්ට හිමි වැටුප හදාගන්න දරන උත්සාහයක්. ඒ හඬපටිය නිපදවන්න හේතුව නම් මේ මිනීමරුවාව කවදා හරි එළියට ගන්න දරණ උත්සාහයක් කියලා පැහැදිළිවම පෙනෙන්නට තිබුණා. මිනිසුන්ගේ පුද්ගලික කතා බස් වලට හොරෙන් සවන් දෙන්න පුළුවන් තමන්ගේ තාත්ත කවුද කියල? අම්මාවත් දන්නෙ නැති අයට පමණයි. එදා සරත් ෆොන්සේකාව බරපතළ වැඩ ඇතිව හිර කළේ අහිංසක කොටි ද්‍රවිඩ ජාතිකයන් මැරීමට සැලසුම් කර රට බේරාගත් නිසා වෙන්න ඇති...
අපි පැහැදිලිව හඬ පටවලින් ඇසුවා කාලකන්නි දේශපාලුවෙකු ප්‍රේමචන්ද්‍ර ඝාතක නඩුවේ තීන්දුවට බලපෑම් කළ හැටි. එමනිසා එසේ බලපෑම් කළාද කියා අධිකරණයෙන් සොයාබලා බලපෑමක් සිදුවී ඇත්නම් දුමින්ද නිදහස් කළ යුතුයි. සජී බයියන් කෑගහන ඒවාවත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීලගේ ඉල්ලීම්වත් අපිට වැඩක් නැහැ. ඒ බව සාධාරණව ඔප්පු වුණොත් බලපෑම් කළ දේශපාලුවා සහ බලපෑමට යටත් වුණු විනිසුරුටත් සුදුසු දඬුවම් දෙන්න.. නැතිනම් ඉබේම ලැබෙයි.
2/3 නැතුව බෑ.. 20 නැතිව බෑ දැන්... දුමින්ද නැතිව බෑ... රට බේරාගන්න තියෙන අන්තිම අවස්ථාව...
කුමටද? මේ අධිකරණය, නීතිය, හා විනිසුරන්. ඒ කාරියත් බාර දෙනවා. පාර්ලිමේන්තු සෙට් එකට. අරුන් ආවාම මේ අයව නිදහස් කරනවා. මේ අය ආවාම අරුන්ව නිදහස් කරනවා. හිරගෙවල් හෝටල්, නිවාඩු නිකේතන, ස්පා බවට පත් කරනවා. මිනීමැරුම්, කුඩු , අපරාධ නීතිවිරෝධි නෑ කියලා සම්මත කරගන්නවා. ඒ අමාත්‍යාංශ ආයතනවලට යන වියදම ඉතුරුයි. තවදුරටත් අපරාධකාරයින් කියලා ජාතියක් නෑ. කොච්චර සුන්දර රටක් වෙයිද?..
ජේ ආර් ගෙනා විධායක බලය සහිත ව්‍යවස්ථාව ලංකාවේ දේශපාලන, සමාජයීය, ආර්ථික හා බොහෝ පැති උඩු යටිකුරු කොට දැමීය. ඔහුගේ අදහස අනුව විධායක ජනපති වරයාට කළ නොහැකි වූයේ ගැහැණියෙකු පිරිමියෙකු කිරීම පමණකි. එවක පටන් මේ අසීමිත බලය අඩු කිරීමට විවිධ පක්ෂ හා දේශපාලකයන්ද, ජනපති වරුන්ද කතිකා කළත්, ඒවා හරිහැටි ක්‍රියාවේ යෙදවූ බවක් පෙනුණේ නැත. කරුණු කෙසේ වෙතත්, මෛත්‍රී ජනපතිගේ රජයේදී යම් ප්‍රමාණයක් හෝ විධායක බලය අඩුකිරීම සිදුවිය. ඒත්, ඔවුන්ගේ දුර්වලකම් හා අඩුපාඩු පිරීමසා රට යහමගට ගෙනෙනවා යයි පොරොන්දු දුන් වත්මන් ජනපති හා රජය විධායක බලය තව වැඩිකර ගැනීමට කටයුතු කළේය. විධායක යොදා හිටපු ඇතැම් ජනපතිවරු රටේ නීතියට අනුව අධිකරණ මඟින් දඬුවම් ලැබූ සිරකරුවන් හට සමාව දී ඔවුන් නිදහස් කළෝය. කරුණු මෙසේනම්, ජනතාව අදිකාරම් හා නීතිය ක්‍රියාකරවීමට විධායක ජනපති වෙත බාරදිය යුතුය. වර්තමානයේ ආරම්භ වීමට සැරසෙන්නේ ද, එවන් දෙයක් නොවේද?
එතකොට මෙයා කරපු වැරැද්දම කරලා සිර ගතවී සිටින අනෙක් සිරකරුවන්ටත් නිදහස ලැබෙනවද
ඔව් නිකරුනේ දාලා ඉන්න අයනේ.
කුඩු හිගයක් ඇතිවෙලාද?
ඔය මන්ත්‍රීවරු සියල්ල නිදහස් කලයුතුයි.
ඔය සියලු මන්ත්‍රීවරු හිරේ ගියේ රටවෙනුවෙන්, වහා නිදහස් කරනු.
කුඩුකාරයෝ, හොරු, මිනීමරුවෝ ආරක්ෂා කරන්නේකවුද කියලා අපේ මොලේ චුට්ටක් හරි තියෙනවා නම් හිතාගන්න පුළුවන්. ලංසා අත්අඩංගුවට ගන්න හදපු වෙලාවෙ චොකා මල්ලිව පණවගේ බලාගත්තේ කවුද? දුමින්දගේ ප්‍රචාරක වැඩවලට ගියා. වෙඩි වැදුණු වෙලාවෙ තමුන්ට වැදුණා වගේ දගලපු හිටපු ලේකම්වරයා කවුද? මෙ පවුල තමයි අපේ රටෙ කරුමය...
බලනකොට හිටපු කෙනාට වඩා හපන්නේ.
නීතිය බල්ලන්ටම ගිය රටේ එක එක්කෙනාට ඕන විදිහට නැතිව මනුෂ්‍යයින්ට ඕන විදිහට නීතිය ක්‍රියාත්මක වෙනවද, මම අහන්නේ ?
බලයට පත්වන සෑම කෙනෙකුම තමන් ගැන පමණක් සිතීම කනගාටුවට කරුණකි.
මේ ප්‍රවෘත්තියට ලැබී ඇති ප්‍රතිචාර ගණනින්ම පෙනෙනවා එහි ඇති ජනප්‍රියත්වය. " බදුර්දීන්ගේ කට්ටිය ගාව ගත්තොත් මේ ආණ්ඩුවට යහතින් ඉන්න ලැබෙන්නේ නැහැ. පරම සිංහල බෞද්ධ සුජාත භාවය සහිත ආන්ඩුවක් හැදුවේ අපි. ඉතින් අපි පොලු ගහල කඩාගත්ත ගෙඩි වෙන කාටවත් අහුලන්න දෙන්නේ නැහැ " කියල පාරම්බාපු උදවිය දැන් කියනවා " ඡන්දෙ දුන්න විතරනේ. ඉල්ලීම් මොකුත් ඉදිරිපත් කරලා නැහැනේ. එනිසා අපි ඉස්සරහට වෙනදේ ගැන ඇස් ගහගෙන ඉන්නවා " කියල.
කවුද ඔය ඉල්ලිම් ලිපිය හැදුවේ....
ඉතා හොද වැඩක් ... සියලුම මිනීමරුවන් නිදහස් කර අපේ ඡන්ද බලේ පෙන්වමු.
අපේ සහෝදරයා එලියට එනබව දැනගෙන දැන් සමහරු ආරක්ෂාව පතා බලෙන් හරි ඇතුලට යන්න සුදානම් වෙලා ඉන්නේ..
ඔව් යාලුවා..... මෙයා එලියට ආවොත් උඹට දුවන්න පාරක් නැතිවේවි.
මේ ප්‍රවෘත්තියට ලැබී ඇති ප්‍රතිචාර ගණනින්ම වලින්ම පෙනෙනවා මෙහි ඇති ජනප්‍රියත්වය. පාර්ලිමේන්තුව තුල රෝම ඉතිහාසය නැවත ලියද්දී ඒ මෝඩ කතාවේ වැරැද්ද තේරුම්ගත් එකදු පුද්ගලයෙක් හෝ එතන සිටියේ නැත. ඉතින් එහෙව් එකේ මේ යන්නේ ඒකාධිපති ගමනක් කියා තේරුම් නොගෙන සංශෝධනය සුදුද කළුද දන්නේ නැතුව ඒකට තුනෙන් දෙකකටත් වඩා අත් ඉස්සීම පුදුමයක්ද? අපිම අපේ රට බන්දේසියක තියා බාරදී ඇති කණ්ඩායමේ සැබෑ අරමුණු මොනවාද කියා එකෙන් එක පැහැදිලි වෙන්න වෙන්න තවත් ඉතින් අපට ගැලවීමක් නැතිබව තේරුම් යනවා නේද ? තිත්ත උනත් ඇත්ත ඒකයි.
අහ් මම මේ බැලුවේ මන්ද පමා කියලා ?
ජනතාව ගොනාට ඇඳීමේ ජවනිකාව පටන්ගෙන.