(රංජන් කස්තුරි සහ යොහාන් භාසුර)
උද්ඝෝෂණය කරමින් නිරෝධායන නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් පොලිසිය අත්අඩංගුවට ගෙන පසුව නිරෝධායනයට යොමු කර සිටි සමාජ ක්‍රියාකාරිකයන් හය දෙනෙකු මීට ස්වල්ප වේලාවකට කර නිදහස් කර තිබේ.
ඒ අනුව දින 14 ක නිරෝධායනයට මහනුවර පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කළ දුමින්ද නාගමුව, සංජීව බණ්ඩාර, ධම්මික මුණසිංහ, චන්ද්‍රසිරි ,ලන්දගේල නයනා රංගනී බෙනිල්ඩස් සිල්වා යන පිරිස දින නවයක නිරෝධායන කාලයකින් පසු නිදහස් කර තිබේ.
ඔවුන් රජයේ වාහනයකින් කොළඹට රැගෙන එමින් තිබෙන බවද වාර්තා වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් නොකොට බැහැ. නිරෝධායන නීතිය විරුද්ධවාදීන් මෙල්ල කිරීමට දඬුවම් නීතියක් බවට පත්ව ඇති බවට පැමිණිලි තියෙනවා. වැඩිකල් මේ දඬුවම් නීතිය ක්‍රියාත්මක කරන්නට බැහැ.
අර රසායන පොහොර ආයෙත් දෙන්න පටන් ගත්තා වගේ මේ වැඩෙත් හබක්... වමත කරන දේ දකුණු අත දන්නේ නෑ. එක එක්කෙනාට ඕනෑ ඕනෑ විදිහට එක එක වෙලාවට එකඑක දේවල් කරනවා. ආණ්ඩුව පත්කර ගත්තු උදවියම කියනවා මෙච්චර කෙටි කාලයකින් මුළු රටටම එපා වුණු ආණ්ඩුවක් ඉතිහාසයටම තිබිලා නෑ කියලා. විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා ඇවිත් දැන් දවස් ගාණක් ගියාට මැජික් පොල්ල තවම වැඩ කරලා නෑ කියලත් කියනවා. ඉන්ධන මිල දැන් අමතකයි. නැව් ගිලෙන ඒවා දැන් අමතකයි. ගමට ගිහින් කරපු ඇඬීම දැන් අමතකයි. සීනි හොරකම දැන් අමතකයි. මහබැංකු කොල්ලය දැන් අමතකයි. කොළඹ නවීකරණය කරන්න චීන සමාගම් වලට ඉඩම් දෙන එක දැන් අමතකයි. වරාය දුන්නු එක දැන් අමතකයි. දැන් කියන්නේ ඊළඟ අවුරුදු පහ දැන් බිංදුවට වැටිලා ඉන්න කෙනෙකුට බාර දීලා ලොකු කොළුවට පාර හදලා දෙමු කියලාලු... අනේ මන්දා අපි නම් නොවේ කියන්නේ ඔන්න.
කරුණාකර මේ අමන, බංකොළොත් දේශපාලන නඩය සිරගත කරන්න. එහෙම නැතිනම්, පුනරුත්ථාපන කඳවුරකට ගාල් කරන්න. මේ සමාජ පිළිල සමාජය තුළ හැසිරීම සමාජයටම විශාල හානියක්...
රාජපක්ෂ රෙජීමයේ එදා සහ අද ගැන තිත්ත අත්දැකීම් අපි සතුව තියෙනවා. ඒ අය ඉවත් විය යුතුයි.
ඇයි කුරුට්ටන්ට වාහනයක් වත් නැද්ද?