(නිමන්ති රණසිංහ)
හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කලැයි නීතිවිරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගත් රුවන් චමිල නොහොත් දෙමටගොඩ රුවන් ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනය අබේවික්‍රම මහත්මිය අද (30) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොළඹ දෙමටගොඩ පදිංචි සිරිනායක පතිරණලාගේ රුවන් චමිල ප්‍රසන්න නොහොත් දෙමටගොඩ රුවන් නැමැත්තාය .
පැමිණිල්ලෙන් ඉදිරිපත් කළ කරුණු අනුව මෙම විමර්ශනයට අයත් සම්පූර්ණ වටිනාකම රුපියල් ලක්ෂ 1800 සිට වැඩි බැවින් මෙහි සූක්ෂ්ම හා තාක්ෂණිකව විමර්ශනය සිදුකළ යුතු බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය .
සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ සංජය ගමගේ මහතා සඳහන් කර සිටියේ සැකකරු සිදුකර ඇති මෙම වරද ඇප පනත ප්‍රකාරව ඇප ලබාදිය හැකි වරදක් බැවින් ඔහු ඇප මත මුදා හරින ලෙස ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන විමර්ශකයන්ට ඉතා සූක්ෂම මෙන්ම තාක්ෂණික වශයෙන් කරුණු අනාවරණය කරගත යුතුව ඇති බැවින් සැකකරු ඇප මත මුදා හැරිය නොහැකි බවට තීරණය කල අධිකරණය , සැකකරු එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හංගපු කුඩු පෙන්නන්නවත් ගිහින් මේ වගේ අයට ඉක්මණට දඬුවම් දෙන්න ලැබේවා...!!!