(ඩයනා උදයංගනී)
රජයට හෝ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාර්ශවය යන දෙපාර්ශවයටම පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතැයි ජනමාධ්‍ය, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මන්ත‍්‍රීවරුන් 113 දෙනෙකුගේ බහුතරයක් තිබීම අනිවාර්ය නැති බව කී ඇමතිවරයා එවැනි බහුතරයක් පැවතියහොත් ආණ්ඩුවේ කටයුතු පහසු වන බව ද සඳහන් කළේය.
රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය දක්වමින් හා නව රජයට විරුද්ධව 122 දෙනෙකුගේ අත්සන් ලැබී ඇති බව කතානායකවරයා කීවත් එම අත්සන් ලේඛනය වෙන වෙනම අත්සන් කළ විවිධ දින සහිත ලේඛනයක් බව කී දයාසිරි ජයසේකර මහතා එය කියවා අධ්‍යයනය කර බැලීමේ අවස්ථාවක් හෝ පාර්ලිමේන්තුවේදී මන්ත‍්‍රීවරුන්ට නොලැබුණු බව ද කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
කතානායකවරයා පාර්ලිමේන්තුවේදී අද (14) කටයුතු කළේ පාර්ලිමේන්තු නීතියට අනුව නොව කැලෑ නීතියක් අනුව බව ද දයාසිරි ජයසේකර මහතා මෙහිදී පැවසීය.
COMMENTS
දෙගොල්ලන්ටම නැති වෙන්නේ. කොහොමද . එක්කෙනෙක් කකුල් දෙක ඇත් කරගෙනද ඉන්නේ දෙපැත්තට අනේ. මෙහෙමත්. කතා. මහින්දට අද. 122 තිබුනා නම් බලා ගන්න. තිබුන. මෛත්‍රී මහතාගේ ඊලග තුරුම්පුව අද නාමල් ,විරවංශ. , ගම්මන්පිල ,මේ කට්ටිය. අගමැති මැදුරේ. පිරිත්. කියයි. මේවෙලාවේ මොන දේ. කිව්වත් තනතුරක් දුන්න ගමන් ඔය වේදනාව ඉවරයි. පක්ෂේත් අමතකයි. අපි නොදන්නා. මිනිස්සු
ඕක තමයි ඉස්කෝලෙදි ගණන් අසමත් වුනාම වෙන්නේ.
මෙහෙම ගොන් තර්ක ගැන ඇමැතිවරුන්ට රටක් පාලනය කළ හැකිද?
දෙවරක් සිතා බැලිය යුතු කරුණක්.. අපේ තීරණය පසුව දන්වන්නම්.
ඇමතිතුමාට පුළුවන් අන්තර්ජාලයෙන් බලාගන්න දැක්කේ නැතිනම්... ඇරත් එ්ක මොහුට නොවෙයිනේ ජනාධිපතිතුමාටනේ දුන්නේ...
එදා ජනාධිපතිවරයා කිව්වේ 113 හරි කියලා. දැන් මොකද නැහැ කියන්නේ?
මෙන්න මේ මහත්තයට කවුරු හරි ගණන් කියලා දෙන්නකෝ...
එහෙනම් ඔය කට්ටිය ඔක්කොම ගෙදර ගිහින් විද්වත් මිනිස්සු ටිකත් අලුතින් පත් කරගෙන රට ඉස්සරහට අරන් යමු.
පුදුම මිනිස්සු. පරාජයවත් පිළිගන්න බැරි විදිහට බලයෙන් උද්දච්ඡ වෙලා.
මෙයාටත් නැහැ..
පව් කියලත් හිතෙනවා..
හෙට උදේ 10ට කලින් සරල අංක ගණිතය ගණිත ගුරුවරයෙක් හොයාගෙන උගෙන ගත්තොත් නරකද මන්ත්‍රීතුමා?
කවුද මේ? මේ වගේ අය නිසා තමයි මේ රට අද මේ විදියට තියෙන්නේ....
අනේ දයාසිරි මහත්තයෝ... ගෙම්බා වගේ නිතරම එහෙ මෙහෙ පනින්නේ කවුද? තමුන්නාන්සේද කලේ නීතිය ගැන කියන්නේ තමුන් නියෝජනය කරන පාර්ශවය පසුගිය කාලේ කලේ නියම නීතිය වෙන්ටැ...
සම්මත ගණන් සාස්තරයත් වෙනස් කරන්නයි බලන්නේ
මම නම් මේ කියන දේවල් එකපාරට බැහැර කරන්නේ නෑ. මහින්ද පන්නන්න යූ.එන්.පී ඇතුළු හිතාදරයින් ටික මේ වෙලාවේ ඕනෑම අශීලාචාර ජඩ වැඩක් කිරීමට මැලිවෙන්නේ නෑ. යූ.එන්.පී ටි.එන්.ඒ හා මුස්ලිම් කොංග්‍රසය කියන ත්‍රිත්වය තුළ ඇති බහුතරය යැයි කියාගන්නා දේ අපේ රටේ යහපතවත් ස්වෛරීත්වයවත් පත්න්නේ නැති බව හොදින්ම දැන දැනත් අපේ රටේ මිනිස්න්ගේ පවා නීච අදහස් ගැන මට ඇත්තේ පුදුම කල කිරීමක්. අනිවාර්යෙන්ම මේ රට දෙකඩ වන එක වලකන්නට දැන් අපිට නොහැක. දරුවන් සමඟ ජිවත්විය හැක වෙන රටක් සොයා ගැනීම ඇති එකම හොදම විකල්පයයි.
හදවතට හොරෙන් හුදෙක් තමන්ගේ වාසිය ගැනම හිතල කරන ප්‍රකාශයක්
වාසියට කියන කතා