
(සුජිත් හේවාජුලිගේ)
කොරෝනා පාලනය සඳහා හෙට (1) සිට ලබන 15 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් අද නිකුත් කරනු ලැබීය.
මෙම නව මාර්ගෝපදේශ අනුව මංගල උත්සව සඳහා සහභාගී විය හැක්කේ ශාලාවේ උපරිම ධාරිතාවයෙන් තුනෙක් එකක පිරිසකට පමණි.
කෙසේ වෙතත් එම පිරිස 200 නොඉක්මවිය යුතු බවද එහි සඳහන් වේ .
මේ අතර එළිමන් මංගල උත්සව සඳහා සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 250කි.
කොවිඩ් පාලනය සඳහා මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

COMMENTS
200 ට වඩා පිරිසක් සහභාගි කරගෙන උත්සවයක් තියන්න කෙනෙකුට ඕනෑනම් දුම්රියක් තෝරාගන්න. එක පෙට්ටියක 200 ක් දාන්න පුළුවන්... අදත් ආවේ එහෙමයි.. ආණ්ඩුවේ අයට මේක කියන්න එපා. එයාලා දන්නේ නැහැ මේ බවක්...
මගී බස්රථ සහ දුම්රියවල කී දෙනෙක් රැගෙන යා හැකිද? කොවිඩ් පැතිරෙන එකම ක්‍රමය මගුල් ගෙවල් පමණක්ද?
කරලා තියෙන්නේ ලිහිල් කිරීමක්නේ. ඔහොම ගියොත් වහන්න වෙයි...
තවමත් එන්නත් කරණය නිශ්චිත රෝග නිවාරණයක් වීමට අසමත් වෙලා . වෛද්‍යවරු විවිධ මත පළකරනවා .ජනතාව තුෂ්නිම්භූතවෙලා".
200 ට වැඩියෙන් මගුල් ගෙයක් ගන්න ඕනනම් කෝච්චියක් බුක් කරන්න... එක පෙට්ටියක 200 ට වඩා යනවා.. මේ රටට කෙළවුණේ දේශපාලඥයො නිසාම කියන්න බෑ.
කාලෙන් කාලෙට එකඑක විකාර. හරියට ගැසට් නිවේදන වගේ... මොලේ උඩද දන්නේ නැහැ ඉන්නේ...?