(ශාන්ත සෙනෙවිරත්න)
'එදා බඩුමිල ඉහළ ගියාම දැන් සැපද කියලා අහපු නායකයෝ අද ඒ ගැන කතා කරන්නේ නෑ. නොමිලේ බඩු මල්ලත් දෙනවා කිව්ව ආණ්ඩුව අපි දුන්න පෝෂණ මල්ලත් නවත්වලා' යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද (16) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මෙසේ ද කීය.
‘අපේ කාලේ බඩු මිල ඉහළ ගිය අවස්ථාවල ආණ්ඩුවට එය පාලනය කරන්න බෑ කියලා දොස් කිව්වා. ජීවන වියදම ඉහළ ගිහින් ජනතාව ජිවත්වෙන්නේ අමාරුවෙන් කිව්වා. වේදිකාවල අපිට බැන්නා. එළවලු මලු පෙන්නුවා. මේ ආණ්ඩුව යටතේ තත්වය එයයි.’
‘නමුත් අපි කිසිවිටෙක දැන් සැපද කියලා අහන්නේ නෑ නමුත් බඩු අඩු කලා නම් බඩු මිල අඩුවෙන්න ඕනෑ. අපි දුන්න සහනාධාර ජනතාවට අහිමි කරලා තිබෙනවා. සියල්ල ප්‍රෝඩාකාරි විදියට වෙනවා. ආඛ්ඩුව එය පාලනය කරන්න අසමත් වෙලා තිබෙනවා’ යැයි මන්ත්‍රීවරයා පැවසීය.
ඡායාරූපය - චතුර එස් කොඩිකාර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටකරන්, සිමෙන්ති කොට්ට, බඩු මළු නිකන් දීල මිනිස්සුන්ව හිගන්නෝ නිකොමෝ කරලා ඡන්දේ ඉල්ලපු කාලේ ඉවරයි, ගෝටාභය ජනාධිපති තුමා රටට වැඩක් කළහැකි පිරිසක් බිහිකරයි. පිනට කන්න ටික නිකන් ලැබෙන කල් ඉන්න වුන් නැතුව ඉදිරියේදී, යහපලානේ හිටියානම් සාදා කල් රටේම හිගන්නෝ වැඩිවෙනවා ඇරෙන්න පාලකයන් විතරක් රජ සැප විදියි, මේවා පේනකොට ඇහේ කටු අනිනවා වගේ ඇති, මේ ඡන්දෙන් පස්සේ තව අවුරුදු 25 කට විතර පස්සේ ඡන්දෙ ගැන හිතුවට ප්‍රශ්නයක් නැහැ,
ඔව් අපට දැන් සැපයි. රටේ වෙන දේවලි දියා බැලුවාහම. ඔයාලගේ කාලේ ඉටත් වැඩියේ සැපයි.
අරබියෙන් ජාතික ගිය කියලා කළු රෙද්දෙන් රටම වහන්න හීන මැවූ පටු අන්තවාදී පිශාචයින් ට තියෙන පිපාසය කුමක්දැයි නොදන්නා කිසිවෙකුත් මෙහි නැත.
ඡන්දයෙන් පසුව ගෙදර යන්න සුදානම් වෙන්න.
මේ ආණ්ඩුවේ මුදල් ඇමති ජනවාරියේ සිට ක්‍රියාත්මක වෙන්න හදල තිබුණ රජයේ සේවකයින්ගේ පැන්ෂන් එකේ වැඩි වැඩි වීමත් අහෝසි කළා. රජයේ සේවකයින්ගේ 15% පඩි වැඩි වීමත් අහෝසි කළා.