IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දින තුනක් බෙංගාල බොක්කේ ධීවර කටයුතු එපා

 

(ඩයනා උදයංගනී)

ඊසාන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් ඇති නිසා එම මුහුදු කලාපයේ හෙට (19) සිට 22 වැනිදා දක්වා මුහුදුයාමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම්දීමක් කර තිබේ.

මේ හේතුවෙන් මධ්‍යම, ඊසාන සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල  ඉතා තද ප්‍රහාරාත්මක සුළං සහ තද වැසි ඇතිවිය හැකි බවත් මේ හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශ රළු විය හැති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම මුහුදු ප්‍රදේශවල මේ වන විටත් ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙමින් සිටින යාත්‍රාවලට හැකි ඉක්මණින් වාඩාත් ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා කරන ලෙස තවදුරටත් දැනුම් දෙන බව ද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

එසේම ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ පුත්තලම හරහා මීගමුව දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා වැඩි විය හැකි බවද ඔහු සඳහන් කළේය.

කල්පිටිය සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ  ඉහළ යාමේ හැකියාවක් පවතින බැවින් එම මුහුදු ප්‍රදේශවල ද ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන්නන් අවධානයෙන් කටයුතු කළ යුතු බව එම ප්‍රකාශකයා පැවසීය.



අදහස් (1)

දින තුනක් බෙංගාල බොක්කේ ධීවර කටයුතු එපා

Bamunuarachchi Saturday, 19 September 2020 06:21 AM

අවුරුද්දකට 4 සැරයක්වත් බෙංගාල බොක්කේ අඩු පීඩනය ඇතිවීම අපට හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site