(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයකු වන දිනේෂ් චන්දිමාල් සිය ක්‍රිකට් අනාගතය පිළිබඳව තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්‍ෂණික කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතාට යොමු කර ඇති මෙම ලිපියෙන් වාර්ෂික කොන්ත්‍රාත්තුවේදී තමන්ට ලබාදුන් ස්ථානය පිළිබඳව සෑහීමකට පත්නොවන බව ද චන්දිමාල් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ද මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙවැනි ලිපියක් යොමු කරමින් එළඹෙන ඉන්දීය සංචාරයෙන් ඉවත් විය.