
(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය රෝහලේ සාමාන්‍ය සායනික ප්‍රතිකාර කොවිඩ් අවදානම හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා ඇතැයි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පවසයි.
කෙසේ වෙතත් එහි හදිසි ප්‍රතිකාර කටයුතු දිගටම කරන බවද ඔහු කියයි.
කෙළ බිඳිති පිටවන ආකාරයේ ශල්‍යකර්මවලට රෝගීන් ලක් කෙරෙන්නේ නම් එවැනි රෝගීන් පී.සී.ආර් පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසුව ඒ ශල්‍යකර්මවලට භාජනය කිරීමට ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය රෝහලේ ප්‍රධානීන් තීරණය කර ඇත
පවතින තත්වය යටතේ එදිනෙදා සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු සඳහා ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය රෝහලට පැමිණීමෙන් වළකින්නැයි එම ප්‍රධානීහු ජනතාවගෙන් ඉල්ලීමක් කරති .
COMMENTS