(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ )
දැදුරුඔය ජලාශය පිටාර මට්ටමට පැමිණ ඇති බැවින් ජලාශයේ වාන් දොරටු අටෙන් දෙකක් මීට සුලු මොහොතකට පෙර අඩි 1 බැගින් විවෘත කල බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු කේ.ඒ.සම්පත් සමරජීව මහතා පැවසීය.
මේ හේතුවෙන් දැදුරුඔය පහල ප්‍රදේශ වලට කෙසේවත් සුලු ගංවතුර තත්වයක්වත් ඇති නොවන බවද ඉන්ජිනේරුවරයා කීය. දොරටු දෙක විවෘත කිරීම හේතුවෙන් තත්පරයට ඝන අඩි 1500 ක ජල පරිමාවක් දැදුරුඔයට මුදාහැරේ.
දැනට පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් මෙසේ වාන් දොරටු විවෘත කිරීමට සිදුව ඇති අතර ඉදිරි දිනවල ලැබෙන වැසි තත්වය මත ඉදිරි පියවර ගන්නා බවද වාරියපොල ප්‍රාදේශීය ඉන්ජිනේරු කාර්‍යාලය කියයි.
COMMENTS