
(ප්‍රියාණි මංගලිකා සහ නිමල් ප්‍රේමචන්ද්‍ර)
කොබෙයිගනේ ,ඇඹලයාගම ප්‍රදේශයේ දී දැදුරුඔයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇති බව කොබෙයිගනේ පොලීසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ කුලියාපිටිය ගලහිටියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18 සහ 24 වයස් වල ඥාති සොයුරන් දෙදෙනෙකි.
ඥාති සොයුරන් සිවු දෙනකු සති අන්තයේ විනෝද වීම සඳහා කුලියාපිටිය ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර ,දැදුරුඔයේ ඇඹලයාගම ප්‍රදේශයේදී දිය නෑමට බැසීමේදී ඔය තුල තිබූ ගැඹුරු කලියක ගිලීමෙන් තරුණයන් දෙදෙනා මරණයට පත්ව ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වූ බවද පොලීසිය කියයි.
මියගිය තරුණයින් දෙදෙනාගේ සිරුරු මේ වන විට නිකවැරටිය මූලික රෝහලට බාර දී ඇති බවද සිරුරු පිළිබඳව වූ හදිසි මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිතව ඇති බවද පොලීසිය සඳහන් කරයි .
සිද්ධිය සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රෙව්ශමක් නොමැති කමින් තරුණ ජීවිත කෙතරම් නැති වෙනවද? මේ පුතුන් දෙදෙනාට මෙවන් අකල් වියෝවක් නොම වේවා..!!! අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා.. මතු උපදින කිසිම භවයකදී මෙවන් අකල් වියෝවක් නොම වේවා..!