IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


දෙදිනක විවේක නිවාඩු ඉල්ලා ගම්පහ රෝහලේ කණිෂ්ඨ සේවකයෝ වැඩ වරති

(තිලකරත්න දිසානායක)

කොරෝනා වයිරසය හේතුවෙන් හෙද කාර්ය මණ්ඩලයට ලබාදී ඇති දින පහක සේවයෙන් පසුව දෙදිනක විවේකය ලබාදෙන්නැයි ඉල්ලා ගම්පහ මහ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (1) උදෑසන සිට සේවා කටයුතු වලින් බැහැරව සිටීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරතව සිටිති.

කොරෝනා වසංගතය හමුවේ රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ද අනතුරුදායක තත්ත්වයක් යටතේ කටයුතු කරන බැවින්  බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය මගින් හෙද කාර්ය මණ්ඩලයට ලබා දෙන

දෙදිනක විවේක නිවාඩුව ඉල්ලා සේවයෙන් බැහැරව සිටින බව ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ ගම්පහ රෝහල් ශාඛා සභාපති  ආර්. කේ. පී .රත්නායක මහතා පැවසීය. 

මෙම වෘත්තීය ක්‍රියා මාර්ග තමන්ට පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ගෙන් ලැබෙන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය. 

කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ මෙම ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතාගෙන් කළ විමසිමේදී ප්‍රකාශ කර සිටියේ , පවතින තත්ත්වය මත දැඩි අපහසුතාවයක් මධ්‍යයේ වුවද උපරිමව රෝගී සත්කාරක සේවාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා බවයි.



අදහස් (0)

දෙදිනක විවේක නිවාඩු ඉල්ලා ගම්පහ රෝහලේ කණිෂ්ඨ සේවකයෝ වැඩ වරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 7 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 594 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site