(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතයන් පිළිබඳ දත්ත වාර්තා කිරීමේදී සංඛ්‍යාවල වෙනසක් සිදුවීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය සොයාබලමින් සිටින බවත්, එය ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය.
කොවිඩ් මරණ අනුපාතය ගණනය කරන්නේ රෝගී සංඛ්‍යාවට සාපේක්‍ෂව බව කී වෛද්‍යවරයා මෙරටින් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාවේ සැබෑ දත්ත ලැබුණු පසු මරණ අනුපාතය ද අඩුවනු ඇතැයි සඳහන් කළේය.
මෙය දත්ත වාර්තා කිරීමේ ගැටලුවක් මිස දත්ත සැඟවීමක් නොවන බව ද විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා කීවේය.
දත්ත පද්ධතියේ සිදුවූ එම වරද නිවැරදි කරගැනීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා දිස්ත්‍රික්ක හා පළාත් මට්ටමේ නිලධාරීන් ගෙන්වා අවශ්‍ය අධ්‍යයනය කටයුතු සිදුකරමින් සිටින බව කී බටුවන්තුඩාව මහතා සිදුවූ වරද වහා නිවැරදි කිරීමට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව ද ප්‍රකාශ කළේය.
අධ්‍යක්‍ෂවරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
අන්දරේ තමයි ඒ කාලයේ මෙහෙම දේවල් කියලා තියෙන්නේ...
දත්ත නිවැරැදි කරනකොට ආයෙත් වැරදුණොත්. හැමවිටම වැරදීම සිදුවෙන්නේ ආණ්ඩුවේ වාසියටමයි. මුසම්මිල් මන්ත්‍රීතුමාගෙන් ඇහුවා නම් වරද්දන අය ගැන කියයි...
පවතින ආණ්ඩුවට එහෙයි කියන අයට ඕනේ විදිහට කඩේ යන්න කැමැති අය තමයි අපේ රටේ වගකිවයුතු ඉහළම නිල දරන්නේ... හරියයිද එහෙම රටකට?
පරීක්ෂණ සංඛ්‍යාව, ආසාධිත සංඛ්‍යාව, මරණ සංඛ්‍යාව නිවැරැදිව ගණනය කරන්න බැරි පරිපාලනයක් තියෙන රටේ මෙහෙම හරි මිනිසුන් ජීවත් වෙන එකට දෙවියන්ට ස්තුති කරන්න ඕනේ ...!!!
දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් නෙවේනේ වෙලා තියෙන්නේ. ලොකු තැනටම හරියන විදියට ගෝලොයත් ඉන්න එපැයි. මෙහෙමත් නිලධාරින්...
මේවාට තමා කියන්නේ ඉන්දියන් රතු කුණුහරප කියලා
දත්ත නිවැරදි වුන දවසට මැරුණ අය ගෙදරට ඒවිද..?
සියලු ප්‍රකාශකයන් ගිරවුන් බවට පත්වීම කොතරම් අභාග්‍යක්ද...?
කොවිඩ් මරණ අනුපාතය ගණනය කරන්නේ රෝගී සංඛ්‍යාවට සාපේක්‍ෂව බව අනේ අපි දැනුයි දන්නේ . 69 ලක්ෂෙ විතරයි කලින් දැන ගෙන ඉඳලා තියෙන්නේ.
දත්ත හරි හැටි ලැබෙන්නේ කොහොමද .පී එච් අයි මහත්වරු පවා තමුන්ට වැඩ අධික නිසා හෝ අසනීප නිසා හෝ නැත්නම් දෙවියන් පමණක් දන්නා හේතු නිසා දුරකථ ඇමතුම් වලට උත්තර නොදෙනකොටත්, ඒ කථා කරත් පී සී ර් අවශ්‍ය නෑ ලෙඩේ ඇති ගෙදරට වෙලා ඉන්න කියනකොට. උපුල් රෝහණ පී එච් අයි සංගමයේ සභාපති තුමාත් දැන් සද්ද නෑ. එතුමාට කවුරු හරි කියන්න පුළුවන්ද පී එච් අයි මහත්වරුන් සම්බන්ධ කරගන්න පුළුවන් වෙනත් ක්‍රමයක් යොදන්න මුල්වෙන්න කියලා.
යකෝ මරණ අනුපාතය අඩු කරන්න ඕන කියන එක උඹලට. අපිට ඕන මරණ අඩුම වීම.
රෝගීන් සංක්‍යාව වැඩි වීමෙන් මරණ අනුපාතය අඩුවෙනකම් බලන් ඉන්න අයගේ සෞක්‍ය ප්‍රවර්ධනය හිතා ගන්න පුළුවන් .ඒකෙන් කොවිඩ් බෝවීම හෝ මරණ සංක්‍යාව අඩු වෙනවද ?කොහෙද ඉස්කෝලේ ගියේ .මහදැන මුත්තා සනසවලා තනතුරේ රැදී ඉන්න මොනවා හරි ගොතනවා .එච්චරයි