(මනෝප‍්‍රිය ගුණසේකර)
කංසා ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් තමන්ට මහාධිකරණයෙන් ලබාදුන් දඬුවම දැඩි බව පෙන්වා දෙන ජාත්‍යයන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කංජිපානි ඉම්රාන් නමැත්තා එම දඬුවම ලිහිල් කරන්නැයි අභියාචනයකරණයට ඇපෑලක් අද (4) ඉදිරිපත් කළේය.
නීතීඥ ලක්‍ෂමන් පෙරේරා මහතා මගින් එම ඇපෑල ඉදිරිපත් කළ කංජිපානි ඉම්රාන් නමැත්තා එම ඇපෑල අභියාචනයකරණයට යොමු කරන්නැයි ඉල්ලමින් කොළඹ මහාධිකරණය බාරදුන්නේය.
කංසා ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාව මත කංජිපානි ඉම්රාන් නමැත්තාට එරෙහිව නීතීපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා නඟා තිබු අතර එම චෝදනාවන්ට වරද පිළිගත් ඔහුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 6 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
විත්තිකරුට එරෙහිව චෝදනා දෙකක් යටතේ නීතීපතිවරයා නඩු පවරා තිබු අතර එම චෝදනාවන්ගෙන් එක් චෝදනාවකට වසර 03 බැගින් චෝදනා දෙකට වසර 06 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා එම සිරදඬුවම වෙන වෙනම ගෙවී යන පරිදි ක‍්‍රියාත්මක කිරීමටද බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.
2013 සැප්තැම්බර් මස 18 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ මාලිගාවත්තේදී නීත්‍යානුකූල බලපත‍්‍රයක් නොමැතිව කංසා කිලෝ 05 ග්‍රෑම් 300 ක් ළඟ තබාගැනීම හා එම කංසා ප‍්‍රමාණය ජාවාරම් කිරීම යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව චෝදනා දෙකක් යටතේ නඩු පවරා තිබිණි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
දඬුවම ලිහිල් කරන්නැයි කංජිපානිගෙන් ඇපෑලක්
Akila Wednesday, 04 September 2019 08:23 AM
මේකත් ප්ලෑන් එකේම කොටසක්, අනිත් අපරාධ කිසිවක් නැතිව ගංජා ලඟතබා ගත්තා කියලා විතරක් චෝදනා ඉදිරිපත් කරලා ටික කාලෙකට හිරේ යැව්වා.. දැන් එකත් ලිහිල් කරයි.
රවින් Wednesday, 04 September 2019 10:09 AM
දඬුවම මදි කියලා වෙන්නැති ඇපෑල් කරන්නේ. කෙලින්ම එල්ලුම්ගහට යව්වානම් තමා හරි. නඩු ගොඩ ගැහෙන එක අහන්න දෙයක්ද? ඇපෑල ඉවර වෙනකම් තව කොපමණ අපරාද කරයිද? සමහර අයගේ සාක්කු නම් පිරෙයි. ඒත් ඉතින් නැතිවන ජිවිත ගණන.. පවුල් ගණන? අකමැත්තෙන් වුවත් මරණ දඬුවම ක්‍රියාත්මක කළයුත්තේ මෙවැනි අවස්ථාවලදී තමයි. එලෙසම පොළව නුහුලන අපරාධකාරයින්ව සල්ලි වලට නිවැරදි කරන්න හදන අයවත් එල්ලා මැරිය යුතුමයි.
rim Wednesday, 04 September 2019 10:19 AM
නියම බඩුවක් ඕයි...
Amila Wednesday, 04 September 2019 11:14 AM
අර ලේකම් ඉල්ලුවා නම් පැනලා දේවි..
Hafeel Wednesday, 04 September 2019 11:27 AM
මෙයත් මේ රටේ දේශපාලකයන් වගේ...
Mahee Wednesday, 04 September 2019 12:09 PM
මේ අහිංසකයාට විශාල අපහාසයක් කරලා තියෙන්නේ. මෙච්චර දේවල් තියෙද්දී කෙහෙල්මල් කංසා වගේකටනේ නඩු දාලා තියෙන්නේ. මං නම් කියන්නේ අැපෑලක් ඉදිරිපත් කළ යුතුව තිබුනේ තත්වය බාල කරන අන්දමේ තුට්ටු දෙකේ නඩුවක් දැමීම ගැනයි.