(යොහාන් භාසුර)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොතලාවල සහ අතුරුගිරිය අතර ප්‍රදේශයේ කොන්ක්‍රීට් තට්ටුවක ජීප් රථයක් ගැටී ජීප් රථය පෙරලීම හේතුවෙන් කොට්ටාව සිට කඩවත දක්වා කොටසේ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙන බව අධිවේගී මාර්ග පොලිසිය පවසයි.
කොන්ක්‍රීට් තට්ටුවේ ජිප් රථය වැදීමෙන් රෝදයක් ගැලවී විසිවී ඇති බවත් කොන්ක්‍රීට් තට්ටු පාර හරස්වන ලෙස පෙරලීම නිසා වාහන තදබදය ඇති වී තිබෙන බවත් පොලිසිය කීය.
අධිවේගී මාර්ගයේ මීට පෙර සිදුවූ අනතුරුවලදී මෙවැනි ආකාරයට කොන්ක්‍රීට් තට්ටු පාර හරස්වන ලෙස පෙරලී නොමැති බවත් මෙම තත්වයෙන් නිර්මාණය වූ දැඩි වාහන තදබදය හේතුවෙන් වාහන සිය ගණනක් පැයකට අධික කාලයක් සිරවී තිබෙන බව ද පොලිසිය වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධික වේගය මරු කැඳවයි. එමනිසා අධිවේගී මාර්ගවල උපරිම වේගය පැයට කිලෝමීටර් 70 දක්වා පහත හෙළනා මෙන් අප අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු...
වේගයේ පාලනයක් නැතිව අභිබවා යන්න හදන කොට ඔහෙම තමා..
මම හැමදාමත් කියන දෙයක් තමයි දකින දෙයක් තමයි මේ අදිවේගේ උන්මත්තකයොත් වාහන එලවනවා .මහපාරේ විනය අන්තිම බින්දුව උන රටක ඒක අධිවෙගයටත් බලපානවා .මෙතන උනේ මොකද්ද කියල මම දන්නේ නැහැ .නමුත් මම දැකපු අනතුරු වලින් 99% ක් ම අදික වේගය පාලනය කරගන්න බැරුව වෙච්ච දේවල් (දැන් ලඟකදී ඉඳන් පොලීසියේ මහත්වරුත් අදික වේගෙන් යන අයව අල්ලන පාටක් නැහැ. කාලයක් තිබුන එයාල අර ඉස්සර චිත්‍රපටිවල ගාමිණී - මාලිනී වගේ අයිනේ තියන මල්පදුරුඅස්සේ හැංගිලා ඉදල හයියෙන් යන කට්ටියව අල්ලනවා )