IMG-LOGO

දක්ෂිණ අධිවේගයේ ලොරි ලොරි ගැටී අයෙක් මරුට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ ප්‍රදේශයේදී කඩවත දෙස සිට මාතර දෙසට ධාවනය වූ බිත්තර පැට වූ ලොරි රථයක් , එම දෙසටම ධාවනය වෙමින් තිබූ සිමෙන්ති පැට වූ තවත් ලොරි රථයක් ඉස්සර කිරීමට යාමේදී , එහි පිටුපස බඳෙහි වැදි, සිදු වූ මාරක රිය අනතුරින් පුද්ගලයකු මියගොස් තවත් දෙදෙනකු බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ නොවූඩ් , ඉහළ නෝවුඩ් හි පදිංචි , පෙරුමාල් සුබාකරන් නමැති (29) හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය කියයි .

මෙම අනතුර 11 දා අළුයම 01:35 ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ 29.7 කිලෝමීටර් කණුව පිහිටි දොඩංගොඩ පොලිස් වසම ප්‍රදේශයේ දී සිදුව ඇතැයි පැවසේ .

ලොරි රථ දෙකම කඩවත දෙස සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබී ඇති අතර එක් ලොරියක සිමෙන්ති ප්‍රවාහනය කරමින්ද , අනිත් ලොරියෙ බිත්තර ප්‍රවාහනය කරමින් සිට ඇති ඇතැයි පැවසේ.

එහිදී බිත්තර පැට වූ ලොරි රථය එක්වරම ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ සිමෙන්ති පැට වූ ලොරි රථය ඉස්සර කිරීමට යාමේදී එහි පිටුපස බඳෙහි බිත්තර පැට වූ ලොරි රථය ගැටී මෙම මාරක රිය අනතුර සිදුව තිබුණි .

එම අවස්ථාවේදී ලොරි රථයේ ඉදිරිපස තිදෙනකු ගමන් ගමන් කර ඇති අතර අනතුරින් තිදෙනාම බරපතළ තුවාල ලබා නාගොඩ දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර ලොරි රථයේ වම්පස දොර අසල රැඳී සිටී පුද්ගලයා මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

මියගිය පුද්ගලයාගේ මෘත දේහය මේ වනවිට නාගොඩ දිසා රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය

අනතුරින් සිමෙන්ති පැටවූ ලොරි රථයේ කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධියෙන් පසුව කඩවත දෙස සිට මාතර දෙසට වාහන ධාවනය පැය කිහිපයකට එක් මංතීරුවකට පමණක් සීමා කිරීමට සිදුව තිබුණි .

 



අදහස් (2)

දක්ෂිණ අධිවේගයේ ලොරි ලොරි ගැටී අයෙක් මරුට

SAMAN Friday, 11 March 2022 08:47 AM

ලංකාවේ මාර්ග අනතුරුවලට වැඩිමනත් වගකියන්න ඕනේ මේ මිනිස්සුන්ට ලයිසන් දෙන ඉන්ස්පෙක්ටර්ලා සහ අදාළ දෙපාර්තමේන්තුව. 1980 ගණන් වල වගේ මිනිස්සුන්ට දැන් වාහන එළවන්න බැහැ.. වෙන්න පුළුවන් අනතුරු ගැන, වාහන එලවන ආකාරය ගැන රියදුරන්ට ලැබෙන දැනුම සහ ඒ ගැන නිලධාරීන් කරන පරික්ෂාව අන්තිමයි. ආරකෂාවට ප්‍රමුඛතාවක් දෙන ඩුබායි, කටාර්, ඕමාන්, ඕස්ට්‍රේලියාවල ක්‍රමේට ලයිසන් දුන්නා නම් අපේ ඩ්‍රයිවර්ලා 50%ක් තවම ලර්නර්ස් යනවා.

:       0       4

sharm warn Friday, 11 March 2022 09:43 AM

බිත්තර.., හපොයි.. හොඳ ඒවද? කුණු ඒවද?

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site