IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


දකුණේ විශේෂ විමර්ශන ඒකකය ගැනත් විමර්ශනයක්

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
 
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා යටතේ   විශේෂ විමර්ශන ඒකකයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 
මාතර මැද්දවත්තේ ඇපලෝ 05 ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය මෙම විශේෂ විමර්ශන ඒකකය ඉදිරි දින කිහිපය තුළදී විසුරුවා හැරීමට නියමිත බව දැන ගන්නට ඇත.
 
එහි සේවයට අනුයුක්ත කර ඇති පොලිස් නිලධාරීන් අවට පොලිස් ස්ථාන වලට අනුයුක්ත කරනු ලැබුවහොත් රත්ගම බූස්ස ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනා  අතුරුදන් කිරීමේ පරීක්ෂණ වලට බාධාවක් වන නිසා එම ඒකකය විසුරුවා හැරීම ප්‍රමාද කර තිබේ.
 
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ප්‍රධාන රාජකාරිය පොලිස් පරිපාලනය සිදු කිරීම බවද විශේෂ විමර්ශන ඒකකයක් පවත්වාගෙන යාම කුමන හේතුවක් මත සිදු කළේද යන්න සොයා බලන බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
 
තවද විනය විරෝධී ක්‍රියාවක් මත   පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන මහතා විසින් වැඩ තහනමට ලක් කරනු ලැබ ඇති අතර ඔවුන් සුලු කාලයක් තුළදී යළි සේවයේ පිහිටුවා එම ඒකකයටම අනුයුක්ත කිරීමට ද ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා කටයුතු කර තිබූ බව පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ.
 
රත්ගම බූස්ස රත්න උදාගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු නිල නොවන ආකාරයට අත්අඩංගුවට ගෙන අතුරුදන් කළේ යැයි මෙම ඒකකයට චෝදනා එල්ල වී තිබේ. මේ වන විට එම ඒකකයේ පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (6)

දකුණේ විශේෂ විමර්ශන ඒකකය ගැනත් විමර්ශනයක්

Mahee Monday, 18 February 2019 07:00 PM

රන්ජන් කියල තිබුන වගේ පුර්ණ විශ්වාසය තැබිය හැකි ඍජු පොලිස් ප්‍රධානීන් දෙදෙනෙකු ඒ කියන්නේ ලතීෆ් සහ ශානි අබේසේකර මහත්වරුන් අපේ පොලිසියේ සිටීම නිසා අපට යන්තම් හෝ සැනසුම් සුසුමක් හෙලන්න පුළුවන්.

:       1       258

සෙනෙවි Tuesday, 19 February 2019 02:36 AM

මෙවැනි රහස් ඒකක පවත්වා ගැනිම, විශේෂයෙන් මෙවැනි කලක ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන මරු පහරකි. මේවාට අනුබල නොදෙන පාලකයන් පත්කිරීමට ජනතාව කල්පනාකාරි විය යුතුය

:       0       99

Thilan Tuesday, 19 February 2019 04:32 AM

රත්ගම අතුරුදහන් වුවන් දෙදෙනා අහිංසකයන්ද යන වග දැනගැනීමට අපි කැමැත්තෙන් සිටිමු.

:       118       226

sarath perth Tuesday, 19 February 2019 07:31 AM

මෙතන මොකක්හරි ලොකු කුමන්ත්‍රණයක් තියනවා. කුඩු වලට පුරුදුවුණ දේශපාලකයන් සම්බන්දයක් ඇති.

:       0       237

saliya Wednesday, 20 February 2019 10:39 AM

මේවැනි ඒකක තබාගන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන කකුලුවට නිදහස කියන හැලිය රත්වන්න නොදී බොහොම කාලයක් තියාගන්න. පටු ආකල්ප තියන වැඩිය බුද්දිමත් නැතී කට්ටිය හිතන්නේ ලෝකේ හැමතැනම ප්‍රජාතන්ත්‍රවාදය 100% ක්ම ස්ථාපිතයි කියල.

:       0       285

athula Friday, 22 February 2019 05:42 PM

මේක මහා පුදුම පාලන රටාවක් තියෙන රටක්. නිරායුද ජනතාවට බදු බර පමණක් නොව මැරයන්ගේ, මංකොල්ලකාරයන්ගේ රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ කුඩුකාරයන්ගේ , දේශපාලකයන්ගේ මගමරුවන්ගේ, සහ ඩෙංගු මදුරුවන්ගේ බේරිලා ඉන්න බැරි අතිශය ව්‍යාකුල බවක් අද ගොඩ නැගී තිබෙනවා. මෙරට කොහෙටද ගමන් කරමින් ඉන්න එක එකට ඕන විදිහට මිනී මරනවා ඒවා සාධාරනය කරනවා. අහිංසකයින්ට කාගේ පිහිටක්ද ? මෙම ක්‍රමයම වෙනස් කලයුතුමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 406 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 447 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site