(ඉන්දිකා රාමනායක)
දකුණු මුහුදු සීමාවේ දී අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ගෙන ආ යාත්‍රා දෙක හා සැකකරුවෝ අද (5) හැදල දික්ඕවිට වරාය වෙත රැගෙන ආහ.
එහි හෙරොයින් කිලෝ 400 ක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100 කට අධික ප්‍රමාණයක් තිබී ඇත.
දින 25 ක් පුරා නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව මෙම වැටලීම සිදුකර තිබිණි.
මෙම විදේශ යාත‍්‍රා දෙක එම රටවලට අයත් ධජ වලින් තොරව අන්තර් ජාතික සම්මුතියට පටහැනිව ගමන් කරමින් තිබී ඇති බවද නාවික හමුදාව පවසයි.
එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙස් විදෙස් සැකකරුවන් 16 දෙනා ද ගොඩබිම වෙත රැගෙන විත් තිබු අතර ඉන් 12 දෙනෙකු ඉරාන ජාතිකයෝ වෙති.
මින් එක් ඉරාන යාත‍්‍රාවක් ගොඩබිම සිට මීටර් 1111 දුරකින් අත්අඩංගුවට ගෙන තිබූ අතර සෙසු යාත‍්‍රාව මීටර් 1000 ට ආසන්න දුරකින් තිබූ බව නාවික හමුදාව කියයි.
මෙම යාත‍්‍රා දෙකේ තිබූ මත්කුඩු හා අයිස් තොගය ගොඩබිම වෙත රැගෙන යාමට සඳහා ගොඩබිම සිට පැමිණ සිටි කුඩා යාත‍්‍රාව දකුණ මුහුදු තීරයේ දී අත්ඩංගුවට ගෙන තිබිණි. එම යාත‍්‍රාව ද අත්අඩංගුවට ගත් යාත‍්‍රා තුන අතර විය.
මෙහිදී යාත‍්‍රාවල තිබී අත්අඩංගුවට ගත් හොරොයින් කිලෝ 400 ට අධික ප‍්‍රමාණයෙන් ඉතිරිව තිබූ හොරොයින් කිලෝ 330 ක ප‍්‍රමාණය හා අයිස් කිලෝ 50 ක ප‍්‍රමාණය ගොඩබිම වෙත රැගෙන විත් තිබිණි.
නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව මෙම මෙහෙයුම් සිදුකළ අතර විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ ගොඩබිම සිට අවශ්‍ය බුද්ධ තොරතුරු ලබා දෙමින් සහය ලබා දී තිබූ බව පොලිසිය පවසයි.
මෙම සියලූ හොරොයින් ප‍්‍රමාණය ග‍්‍රීන් ටී වශයෙන් රතුපාට හා කොළ පාට ඇසුරුම්වල අසුරා තිබිණි.
ගොඩබිම වෙත රැගෙන විත් තිබූ යාත‍්‍රා, හොරොයින් හා අයිස් දික්ඕවිට වරායේ ජැටියේ දී නාවික හමුදාපතිවරයා , පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසගේ නිරීක්ෂණයට ලක්වුහ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)




2025 දෙසැම්බර් මස 18
609
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යාත්‍රා 3 ක් සමග 16 ක් ගොඩබිමට ගෙනෙති
Pradeep Thursday, 05 March 2020 04:47 PM
විශිෂ්ටයි මහත්වරුනි.. ඒ වගේම මේ අල්ලන මත්ද්‍රව්‍ය වලට වෙන්නේ මොනවද කියලත් මාධ්‍ය වලට දෙන්න. මාධ්‍ය ආයතනත් ඒ ගැන සොයාබලා ජනතාව දැනුවත් කරන්න. පසුගිය මාසයක පමණ කාලය තුළදී අති විශාල ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත්තා. නමුත් ඉන් එහාට ඒ ගැන තොරතුරක් නෑ. සමහර විට අප නොදැනුවත්ව පරීක්ෂණ කටයුතු වෙනවා ඇති, ඒ වගේම අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය විනාශ කරලත් ඇති. නමුත් කරුණාකර ජනතාව දැනුවත් කරන්න.
කිරිසුදු හා පැටියා Friday, 06 March 2020 01:00 AM
මත්ද්‍රව්‍ය භාවිතා කරන රටේ තරුණ පරපුර මැස්සො බීලා වගේ. රොඩු බොඩු වෙලා බොල් වෙලා උන්ගේ සරීර කූඩුව... අනාගතය අනාගෙන උන්... මෙව්වාට තවත් දහජරාව කලවම් කරලා දෙගුණ තෙගුණ කරලා පොවන්නේ මේ රටේම පුරවැසියන්ට. පුවත් වාර්ථා අනුව මෙව්ව ගෙන්නලා තියෙන්නෙ අධි ආරක්ෂාව ඇතිව හිරේ ඉන්න කුඩු කප්පිත්තන් දෙන්නෙක්. කුඩු පැකැට්ටුව උරන කෙනාව දස වද දීලා හිරේ දානවා. දඩ ගහනවා, එව්වයින් ආණ්ඩුව සල්ලි හොයනවා. ඇතැම් විට ලඟ කුඩු නැතිවත් පොලීසියට නඩු ඕනෑ උනාම ගෙනිහින් උසාවි දානවා. මේ වාගේ කිලෝ ගණනින් ගෙන්නන එවුන් ඇපල් මිදි කකා සුපිරි ෆෝන් තියාගෙන ආරක්ෂාවත් ඇතිවම ජාවාරම කරගෙන යනවා. සේරම වෙන්නෙ නැති බැරි එකාට. * ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට පුරවැසි අපගේ ගෞරවනීය ස්තූතිය !!!