ඩී.ජී.සුගතපාල
දහසය හැවිරිදි දැරියක අපයෝජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා මන්ත්රී ක්රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරං) ඇප මත මුදා හැරිමට ගාල්ල ප්රධාන මහෙස්ත්රාත් හර්ෂ කැකුණවෙල මහතා අද (28) නියෝග කළේය.
ඔහුට මුදලින් රුපියල් 25,000 ක් ද, ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහෙස්ත්රාත්වරයා නියම කෙරිණි.
අක්මීමන බටදූව දේවාලයකදී මෙම 16 හැවිරිදි දැරිය අපයෝජනයට ලක් කළ බව ඔහුට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

COMMENTS
සැමට නීතිය සමව ලැබේ..
මෙහෙව් දේශපාලන මාෆියාවක්...!! අනේ අපේ රට.!
පලා බබෙක් වෙලා හරි ඉන්න එකේ ලොකු වටිනාකමක් තියෙනවා නේද අයිබොවන්?
දැන් ඉතින් ඊළඟට ආරංචි වේවි නඩුවේ සාක්කිකරුවන් හිටිගමන් එක්කෝ ගොළුවෙලා නැතිනම් ගමෙන් අතුරුදහන් වෙලා.
ස්ත්රී දුෂකයන්ගේ චෝදනාව ඔප්පුවුනොත් ඒ පවුලේ සියලුම බවලතුන්ගේ ඡායාරුප ප්රසිද්ධ කල යුතුයි. තමන්ගේ අම්මට සහෝදරීට දුවට ස්ත්රී දුෂකයාගේ අහවලා කියා නම්බු නාම ලැබෙනකොට ආයෙත් කාන්තාවකට අත තබන එකක් නැහැ.
මෙවන් අයට තමන්ගේ මනාපය ලබාදී අදාළ ආයතනවලට යාමට මාර්ගයන් සැලැස්වූ හරකුන්ට මි පැණි මිශ්රිත පිදුරු ආහාර සදහා ලබාදීම වඩාත් යෝග්යවන්නේය.
දැන් ලංකාවේ ඉන්නේ මෙහෙම දේශපාලකයෝ . මොවුන්ව පත් කරන්නේ කව්ද ? ජනතාව . දෙවියන් සමග වැඩකරන මේ අයව බේරගන්න, මනුස්ෂ ආත්මයක් ලබාගෙන බූත ලෝකයේ සැරිසරන පිරිසක් ඉන්නවා . ඒකයි ඇත්ත .
අත් වැරදීමක්ද? නීතිපතිට පුළුවන් ඇපීල් කරන්න.