
(රේඛා තරංගනී ෆොන්සේකා)
සමුද්‍ර දේවි,සාගරිකා සහ රුහුණු කුමාරි දුම්රිය මැදිරිවල පැවැති මකුණු වදයට දිගුකාලීන විසඳුම් ලබාදීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක බව දුම්රිය ධාවන බලවේග උප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු (ධාවන බල) කේ.ජී.එස් බණ්ඩාර මහතා පවසයි.
එම දුම්රියවල පැරැණි අත්ඇඳි සහ සීට් පේලි අලුත් අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය වඩා විදිමත් කිරීමෙන් මකුණු වදයට පිළියමක් බවද ප්‍රධාන ඉංජිනේරුවරයා කීය.
කාර්යාල දුම්රිය මගීන්ගෙන් මකුණන් පිළිබඳව ලැබුණු පැමිණිලිවලට අනුව මෙම කටයුත්ත ආරම්භ කර තිබේ.
දුම්රිය ධාවන කටයුතු සිදු කරන අතරතුර කාල කළමණාකරණය කර ගනිමින් මකුණන් සඳහා දිගුකාලීන විසඳුම් ලබාදීම අපහසු වු බව සඳහන් කළ ඒ මහතා කෙටි කෙටිකාලීන විසඳුමක් ලෙස මකුණන් රැදෙන ස්ථානයන්ට මකුණු නාශක යෙදු බව පැවසීය.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක දිගට මාසයක් ගම්පහ ස්ටේෂන් එකේ පුටු බංකුවල ඉඳගෙන ඉඳලා වැඩට යන්න. කිලෝ 10 ක් බර අඩුකරගන්න පහසුවෙන් පුළුවනි. මකුණන්ට ලේ දීලාම ගම්පහ ස්ටේෂන් එකෙන් වැඩට යන එන අය කෙට්ටු වෙලයි ඉන්නේ...
ලංකාව වැනි ඝර්ම කලාපික රටක, මකුණු උවදුර වැළැක්වීම දුම්රිය දෙපාර්තමේන්තුවට පමණක් කළ හැකි දෙයක් නොවේ. දුම්රියේ සහ බස්රථ වල සිටින මකුණන් බොහොමයක් පැමිණෙන්නේ ඒවායේ ගමන් කරන මගීන්ගේ නිවෙස් වලින්මයි. එබැවින්, මීට මගීන්ගේ සහායත් අවශ්‍යයි. ප්ලාස්ටික් වැනි අමුද්‍රව්‍ය වලින් සෑදු ආසන සවි කිරීමෙන් මකුණු උවදුර යම් දුරකට වළක්වා ගත හැක.
අකාර්යක්ෂම දූෂිත පරිපාලනයකින් මීට වඩා යහපත් ක්‍රියාමාර්ගයක් බලාපොරොත්තු වෙන්න බෑ..
අවස්තාව ප්‍රයෝජනයට ගෙන කරන හරි වැඩක් .