IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


දකුණු කොරියාවේදී ලාංකික තරුණයෙක් මරුට

(තිළිණි ද සිල්වා)

දකුණු කොරියාවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික තරුණයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් ලාංකිකයෙකු මිය ගොස් තවත් ලාංකිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ වීසා කාලය ඉක්මවා එරට නීතිවිරෝධී ලෙස රැඳී සිටි ලාංකික තරුණයෙකි.තුවාල ලබා ඇත්තේ මිය ගිය තරුණයාගේ මිතුරන් දෙදෙනෙකු යැයිද තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

දකුණු කොරියාවේ යොන්සංගම් හී සචියොන් සී ප‍්‍රදේශයේ ඉකුත් අගහරුවදා (22)  මෙම ගැටුම සිදුවී ඇත.

පිහි ඇණුමෙන් මරණයට පත් වූ තරුණයා සහ ඔහුගේ මිතුරන් දෙදෙනා එක්ව යොන්සංගම් හී සචියොන් සී ප‍්‍රදේශයේ  සිටින වෙනත් ලාංකික තරුණයින් දෙනෙකුට පහරදීමට ගොස් ඇති අතර එහිදී ඇතිවූ ගැටුමේදී සචියොන් සී ප‍්‍රදේශයේ  සිටින වෙනත් ලාංකික තරුණයින් ආත්මාරක්ෂාව සඳහා පිහි භාවිතා කර ඇතැයි  එම තානාපති ආරංචි මාර්ග  වලින් කරුණු හෙළි වී ඇත.

එහිදී එල්ල කළ පිහි ප‍්‍රහාරයකින්  තිදෙනෙකුගෙන් යුතු කණ්ඩායමේ සිටි එක් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව අනෙක්  තරුණයින් දෙදෙනා තුවාල ලබා ඇත.

මොවුන් අතර  දීර්ඝ කාලයක සිට පවතින ආරවුලක ප‍්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී. මෙම කණ්ඩායම් දෙක ඉකුත් 19 වැනිදාද ආරවුලක් ඇති කර ගෙන ඇත.

ගැටුම සම්බන්ධ ලංකිකයින් පස් දෙනොම දකුණ කොරියාවේ රැඳී සිටීම ලබා දුන් වීසා කාලය ඉක්මවා එහි රැඳී සිටින පිරිස් වන බවද පැවසේ.

ඝාතනය සිදු කළ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් එරට පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබේ.

 



අදහස් (3)

දකුණු කොරියාවේදී ලාංකික තරුණයෙක් මරුට

abaran Friday, 25 October 2019 02:03 AM

කොරියාවේ රැකියාවට යන සැම දෙනෙකුම කම්කරුවෝය. විශාල වැටුපක් ලබන නමුත් නූගත්කම සමග හැදියාවක්ද නොමැත. කෙසේ වුවත් මෙවන් මරණයක් සසරේ සිදු නොවේවා...

:       1       38

Sri Lankan Friday, 25 October 2019 02:03 AM

ඔහොම යං ඔහොමවත් කරලා රටේ නම කාලා නොදැම්මොත් නින්ද යන්නේ නැහැ,

:       0       31

sudda Friday, 25 October 2019 02:34 AM

උසස් පෙළ විභාගයද සමත් මා දන්නා අයෙකු 2002 වසරේදී කම්කරු රැකියාවට කොරියාවේ ගියේ ලංකාවේ රැකියාවක් ලබාගැනීමට නොහැකිවූ නිසාත් ලංකාවේ හරි රැකියාවක් නොතිබූ තමන්ගේ මවු පියනුත් එවකට ඉතා කුඩා වියේ සිටි සහෝදරයාත් ජීවත් කරවීමට හරි ආදායමක් ලැබීමට වෙන ක්‍රමයක් නැතිවූ නිසාත්ය. ඔහුද වසර 10ක් පමණ එහි වැඩකර දැන් පසුගිය වසර 8ක් පමණ ලංකාවේ ජීවත් වෙයි. ඔහු නම් නුගත්කමක් හෝ නොහැදියාවක් තවම පෙන්වන්නේ නැත. ඒ නිසා හැමදෙනාම එක වල්ලේ පොල් කරන්නත් බැරිය.

:       3       37

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31359 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13575 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11009 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 124 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 979 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site