IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


දකුණු ආණ්ඩුකාරයාත් වැසිකිළි හදන වැඩට බසී

(ජේ.කේ.එල්.චාමින්ද සහ ඩි.ජි සුගතපාල)
 
ගාලු කොටුපවුර තුළ පොදු වැසිකිළියක් ඉදිකිරීම සඳහා මාස අටකට පමණ ඉහතදී  තීන්දුකොට ඇතත් මේ දක්වා  එම වැසිකිළිය ඉදිකිරීමට නොහැකිවී ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර  කිර්ති තෙන්නකොන් මහතා අද (14) ආණ්ඩුකාර කාර්යාලයේ පැවති රැස්වීමකදී පැවසීය.
 
කොටුපවුර තුළ පොදු වැසිකිළියක්, ඇදුම්මාරු කිරීම සඳහා ස්ථානයක් සකස් කර ගැනීමට මාස අටක් තිස්සේ බලා සිටීමට සිදුවන්නේ නම් කොටුපවුර ජාතික උරුමයක් ගාල්ලට අභිමානයක්  වන්නේ කෙසේද කියා තමන් ප්‍රශ්න කරන බව ආණ්ඩුකාරවරයා සඳහන් කළේය. 
 
ලබන වසරේ  වැසිකිළි ප්‍රශ්නය  , ඇදුම්  මාරු කිරිමේ ස්ථානය පිළිබද ප්‍රශ්නය  විසඳන බවත් ලබන වසරේ අවසාන වනවිට මෙම  ව්‍යාපෘතිය යටතේ  කටයුතු සිදුකරන බවත් ආණ්ඩුකාරවරයා පැවැසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දකුණු පළාත් ආණ්ඩුකාර  කිර්ති තෙන්නකොන් මහතා මෙසේද පැවැසීය.
 
     ‘‘තාවකාලික වැසිකිළියක් ඉදිකරන්න තැනක් තියෙනවාද? ඒක හදන්න මුදල් දෙන්නම්. දකුණු පළාතේ වැසිකිළි නැති පවුල් 21000 ක් ඉන්නවා. මගේ ප්‍රමුඛතාවය වන්නේ ඒ ගැන බැලීම ලක්ෂ 22 ක් දීලා ගාලු කොටුව තුළ වැසිකිළියක් හදන්න දකුණු පළාත් සභාවේ හා ආණ්ඩුකාරවරයාටත් මුදල් නැහැ. තාවකාලික වැසිකිළියක් හදන්න මම මුදල් දෙන්නම් කම්කරුවන් දෙන්නම් අවශ්‍යනම් බැකෝ යන්ත්‍ර දෙන්නම්. මට අවශ්‍ය බඩු ලැයිස්තුව දෙන්න, දින තුනක් ඇතුළත තාවකාලික වැසිකිළියක් හදන්න පුළුවන්.‘‘
 
 



අදහස් (11)

දකුණු ආණ්ඩුකාරයාත් වැසිකිළි හදන වැඩට බසී

vidya Thursday, 14 March 2019 06:59 PM

ඔබතුමා කරන්න යන කර්තව්‍ය ඉතාම අගය කරමි. පෘතුගීසින් හෝ ලන්දේසින් හෝ ඉංග්‍රීසින් කරලා තියන මන්නාරමේ සමුහ මනුෂ්‍ය ඝාතන. ඇටසැකිලි දැක්කට පස්සේ ඔය ආක්‍රමණිකයන්ගේ ගොඩ නැගීම් මොන ජාතික අභිමානයන්ද? පිරිසිදු වැසිකිලියක් නැති රටට මොකක්ද තියන අභිමානය. අපි තවමත් ලෝකයේ හිඟමන් යදිමින් මොනවද කරන පම්පෝරිය. අර උතුරෙන් කතා කරපු ළමයා කීවේ පිරිසිදු වැසිකිලි නැති එක ගැන. විශේෂයෙන්ම ස්ත්‍රීන් සහ චුටි ගැහැණු දරුවන්ට. එතකොට අනිත් පළාත්වලත් මෙම ආදර්ශය ඉදිරියට ගෙනයාවි.

:       0       33

Kumar (Gulf) Thursday, 14 March 2019 07:29 PM

යුනෙස්කෝ ඇතුළු පිටරටින් දීපු ආධාර නගර සභාවේ හා පළාත් සභාවේ අයගේ මකර කටට ගිහිල්ලාද, වැසිකිලියක් වත් හදාගන්න සල්ලි නැත්තේ.

:       0       12

prabha Thursday, 14 March 2019 10:21 PM

අන්න ඔබට ඔබින වැඩේ

:       0       40

sanjeewa Friday, 15 March 2019 01:49 AM

මේ ගොල්ලන්ට අහිංසක මිනිස්සුන්ට වැසිකිලියක් හදන්න සල්ලි නැහැ. එහෙම වුණාට මිලියන ගණන්වලට වාහන ගෙවල් ගන්න නම් සල්ලි ඕනේතරම් තියෙනවා. මෙහෙමත් රටක්...

:       0       36

රවින් Friday, 15 March 2019 01:57 AM

දකුණු පළාතට තියන වැදගත්ම ප්‍රශ්නය වැසිකිලිද? ගිරවාගේ කරේ රත්තරන් මාලයක්වත් පැළඳුවද?

:       0       21

Ruwan Friday, 15 March 2019 02:45 AM

සමහර මිනිසුන්ට නිවැරදි රැකියාව කල්ගත්වී හෝ ලැබීම සතුටට කරුණකි...

:       0       22

ලුම්බිණි Friday, 15 March 2019 03:28 AM

ඉතාම හොඳ දෙයක්. අනික මොනවා හරි කරන්නත් එපාය.

:       0       1

janatha anura Friday, 15 March 2019 03:42 AM

පවුල් 21,000 මුහුදු වෙරළ අපවිත්‍ර කරනවද ? කිසිවෙකුටත් වෙරළේ ඇවිදින්න බැහැ අනෙක් කට්ටිය කැලෑවට පොහොර දමනවා ? කන්න බොන්න නැති නිසා අද ජනතාවට වැසිකිලි අවශ්‍ය නැතුව ඇති පළමුව ආර්ථිකය නංවන්න වැසිකිලි ප්‍රශ්නය ඉබේම ඉටුවේවි විශාල ගොවි බිම් ඇති කිරීමෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කලා වගේ දුප්පත් ආර්ථිකය නංවන්න පුළුවන්

:       0       28

දිලුම් Friday, 15 March 2019 04:45 AM

මොවුන්ගේ කටවල් කොහොමත් වැසිකිලි වලවල් වගේ තමයි. ඒකයි වැසිකිලි හදන එකට ඔයතරම් කැමති.

:       0       12

Dayan Friday, 15 March 2019 05:38 AM

ලබන වසර වෙනකොට ඔයා ගෙදර...

:       0       20

sena Friday, 15 March 2019 09:50 AM

මේ මනුස්සයා ලකුණු දාගන්න සෑහෙන්න වෙහෙසෙනවා. නමුත් වැඩක් වෙන්නේ නැහැ. අන්තිමට නවතින්නේ වැසිකිළියකවත් නෙවෙයි. කුණු බක්කියක...

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 49 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 345 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 362 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site