ඩර්බන්හිදී අද (13 වැනිදා) ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි වාසී ශ්‍රී ලංකාවට ලබාදුන් වේග පන්දු යවන්නන් තරගයේ පාලනය සියතට ගනිමින් සත්කාරක දකුණු අප්‍රිකානුවන් පළමු ඉනිමේදී ලකුණු 235 කට සීමා කිරීමට සමත්වූහ.
අයහපත් ආලෝක තත්වය හේතුවෙන් පළමු දිනට තරගය නතර කරනවිට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුල්ලක් අහිමිකර ගනිමින් ලකුණු 49 ක් රැස්කර සිටියේය. දිමුත් කරුණාරත්න ලකුණු 28 ක් සහ ඕෂධ ප්‍රනාන්දු ලකුණු 17 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතර දකුණු අප්‍රිකානුවන් පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා තවත් ලකුණු 186 ක් පසුපසින් ශ්‍රී ලංකාව පසුවන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩාක්ම සතුටුවෙන්න එපා... මොකද අපේ කට්ටියගේ හැටි දන්නවනේ.
අපි අහිංසකයි ! කෝ අර නෙවි එකට ගහපු වැලි හොරු. ඇල්ලුවද.