(මහින්ද නිශ්ශංක)
මෙරටට ආනයනය කිරීම රජය මඟින් තහනම් කර ඇති කව්පි, මුංඇට, උඳු, කුරහන් සහ කහ නීත්‍යනුකූලව මෙරටට ගෙනෙන අර්තාපල්, ලොකු ලූණු, වියලි මිරිස්, ඇතුළු ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් තුළ සගවා නීතීවිරෝධී ලෙස ගෙන්වන ජාවාරම් පිළිබඳව රේගුව මඟින් තොරතුරු අනාවරණය කරගෙන ඇත.
ආනයන කිරීම තහනම් මෙම ආහාර ද්‍රව්‍ය අධික මිලට විකිණීම සඳහා ආනයනයකරුවන් විසින් ඒවා හොර රහසේ ගෙන්වන බවට තොරතුරු හෙළී වී තිබේ.
අල, ලූණු, මිරිස් ඇතුළු ආහාර ද්‍රව්‍ය තුළ සඟවා ගෙන්වන ලද කව්පි, උඳු, කුරහන්, මුංඇට සහ කහ කන්ටේනර් 15ක් පමණ පසුගිය කාලය තුළ රේගුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
නීතීවිරෝධී ලෙස මෙරටට ගෙන්වන මෙම ආහාර ද්‍රව්‍ය ආපසු අපනයනය කරන ලෙස රේගුව මඟින් ආනයනයකරුවන්ට නියෝග කර තිබේ.
මෙරටට ගෙන්වන මෙම තහනම් කර ඇති ආහාර ද්‍රව්‍ය නීතීවිරෝධී ලෙස ගෙන්වීටම් ජාවාරම අනාවරණය වීමත් සමඟ මෙරටට ගෙන්වන සියලු ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් ඔරුගොඩවත්ත රේගු අංගනයේදී දැඩි පරීක්‍ෂාවට ලක් කිරීමට රේගුව පියවර ගෙන ඇත.
මේ අතරපිටකොටුව තොග වෙළඳ පොළේ මේ වන විට කව්පි කිලෝවක තොග මිල රුපියල් 600/- දක්වාද මුංඇට කිලෝවක තොග මිල රුපියල් 750/- දක්වාද ශූද්ධ කළ උඳු කිලෝවක තොග මිල රුපියල් 1600/- දක්වාද කරහන් කිලෝවක තොග මිල රුපියල් 600/- දක්වාද ඉහළ ගොස් ඇතැයි වෙළඳ පොළ ආරංචි මාර්ග පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd