(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා ඇමරිකාවට යෑමට සූදානම් වන බව තමන්ට ද දැනගන්නට ලැබී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙක් පැවසීය.
තිසර පසුගිය මාර්තු මස එක්දින සහ විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සහතිකයක් ලබාගත් බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියකු පැවසීය.
තවමත් 32 වැනි වියේ පසුවන තිසර 2012 වසරේ ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව මේ වසරේ මාර්තු මස දක්වා එක්දින සහ විස්සයි20 කණ්ඩායම් නියෝජනය කළේය. තිසර එක්දින ජාත්‍යන්තර තරග 166 කදී කඩුලු 175 ක් සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 84 කදී කඩුලු 51 ක් දවාගෙන තිබේ.
ප්‍රවේගකාරී පිතිකරුවෙක් වන තිසර ශතකයක් සහ අර්ධ ශතක 10 ක් සමගින් එක්දින ජාත්‍යන්තර ලකුණු 2338 ක් රැස්කිරීමට සමත්ව තිබේ.

COMMENTS
මෙයාට බැනලා එක්කෙනෙක් ඇමෙරිකා ගියා නේද? එතකොට දෙන්නාටම එකට ක්‍රිකට් ගහන්න වෙන්නේ...
ඒක හොඳයි...!
තිසර විතරක් නොවෙයි, ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව වගේ රටකට ස්ථිර පදිංචියට යන්න කැමැති, අකමැති කියලා මේ රටේ ජනමත විචාරණයක් තිබ්බොත් බලාගන්න පුළුවන් ප්‍රතිඵලේ...!
ලංකාවේ වාත වෙවී ඉන්නවට වඩා තිසර වගේ දක්ෂයෙකුට වෙනත් රටවල් වල ඉල්ලුම සහ පිළිගැනීම තියෙනවා. ඒ රටවල් වල තමාගේ පැවැත්මට ක්‍රිකට් බෝඩ් එකට පන්දන් අල්ලන්න අවශ්‍ය නෑ.
කරුණාකර විනයක් නීතියක් නැති , පාලකයන් ඉන්න රටකින් මිදී ඈතට පියාසර කරපල්ලා
අමන නිලධාරීන් නිසා අපිට අහිමි උන දක්ෂයෙක්
@අතුල ඒ ක්‍රිකටස්ල විතරක් නෙමේ, බැරිවෙලාවත් මේ රටවලින් කිව්වොත්, ලැබෙන ඉල්ලුම්පත් වලින් 50% කට ස්ථිර පදිංචි වීසා දෙනව කියල, බලාගන්න තිබ්බ, පෝලිම් වල දිග, ඒ රටවල තානාධිපති කාර්යාල අසල. මට හොදටම විශ්වාසයි, අර පංචායුද දේශප්‍රේමියොත්, ඉදිරියෙන්ම ඉන්න බවට @අතුල