
(යොහාන් භාසුර)
පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයාට බලපෑම් කළ බවට කළ සාවද්‍ය ප්‍රකාශ පිළිබඳව අපක්‍ෂපාති පරීක්‍ෂණයක් කරන ලෙස පොලිස්පතිවරයාට අද (23) පැමිණිල්ලක් කළ බවත් දේශපාලඥායකු ලෙස උපනූපන් පරම්පරාව වෙනුවෙන් යුතුකම් ඉටුකර ඇති තමා කිසිසේත්ම වංචා සහ දූෂණවලට සම්බන්ධ නිලධාරීන් ආරක්ෂා නොකරන බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
‘සතොස ආයතනයේ සිදුව ඇති වංචා සම්බන්ධයෙන් විමර්ෂණය කරමින් සිටියදී අමාත්‍යවරුන් විසින් ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බලපෑම් කරන ලද බවට පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයා පසුගියදා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හරහා ප්‍රකාශ නිකුත් කර තිබූ බව කී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සිය දේශපාලන ජීවිතයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප පරිත්‍යාග කරමින්, ජාවාරම්කරුවන් සමඟ ඍජුව ගැටෙමින්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා තාක්ෂණවේදය විෂය ධාරාව හඳුන්වා දෙමින් මෙන්ම මහින්දෝදය විද්‍යාගාර ඇති කරමින් වර්තමාන සහ අනාගත පරපුර වෙනුවෙන් විශාල සේවය කර ඇති බව ද සඳහන් කළේය.
යහපාලන රජය රුපියල් බිලියන 28 ක (කෝටි 2800) අලාභයක් සහිත වර්තමාන රජයට උරුමකරදුන් සතොස යළිත් ගොඩනැංවීමට කටයුතු කරමින් සිටියදී බොහෝ පාර්ශවයන් එය කඩාකප්පල් කිරීමට උත්සහ කරන බවත් හිටපු අධ්‍යක්ෂකවරයා චෝදනා කර ඇති ආකාරයට තමා හෝ තම කාර්ය මණ්ඩලයේ කිසිවකු හෝ යම් වංචාවක් සිදු කර ඇති නම් එය සාක්ෂි සහිතව සනාථ කිරීමට ඔහු කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා කීය.
වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙළෙඳ අමාත්‍යාංශයේදී අද (23) පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා එම තනතුරෙන් ඉවත්වෙමින් පැවසුවේ අමාත්‍යවරුන්ගෙන් එල්ල බලපෑම් හේතුවෙන් තමන් ඉල්ලා අස්වන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයට දුන්න මනාපේ හරකෙකුට දුන්නා නම් හොඳයි කියල හිතෙන්නේ මට විතරද?
අපි ඔබ ගැනත් නොදන්නවා නොවේ
මේ මිනිස්සු රට හදන එක ඇරෙන්න අනිත් හැමදේම කරනවා.
යන්න යන්න තව අවුරුදු කියියද ඕකත් ඔහොම ගෙවලා දාන්න නිකරුනේ...
ඔබ ඔතරම් රටට වැඩක් කලබවට පුර සාරම් කියනවා. කරුනාකර ඔබ වත්කම් රටට හෙලිකරන්න.
මහත්තයෝ සරලයි , තමන්ගේ සහ පවුලේ වත්කම් ප්‍රකාශනයක් පසුගිය වසර 20 ම දෙන්න. ඊට අමතරව සතොසම 150 ට විකුණලා අයෙත් සතොස්ටම 400 ටම ගන්නේ ඇයි කියල විද්‍යාත්මකව පැහැදිලි කරලා දෙන්න. එහෙම විකුනපු පිරිස ගැන දැනටමත් ඔබ ගත්තු ක්‍රියාමාර්ග පැහැදිලි කරන්න.
ඇත්ත කතා කරන නිලධාරීන්ට අපේ ප්‍රණාමය.
බලමු ජනාධිපතිතුමා මේගැන ගන්නා ක්‍රියා මාර්ගය කොහොමවෙයිද කියා ?