(ඉන්දිකා රාමනායක)
නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් නිකවරටියේ දී අත්අඩංගුවට ගත් ජාතික තවුහීත් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රවර්ධන කටයුතුවල නිරතවූ එම සංවිධානයේ ප‍්‍රධාන සැකකරුවකුව සිටි මවුලවීවරයකු මාස දෙකකට පසු වැඩිදුර පරීක්ෂණ සඳහා ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයට බාර දුන් බව පොලිසිය කියයි.
මොහු ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්ගේ සමීපතමයෙකු බවත්, නුවරඑළිය බ්ලැක්පූල් ප‍්‍රදේශයේ පිහිටා තිබූ පුහුණු කදවුරේ පුහුණුව ලබා ඇති අයකු බවත් පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙම සැකකරුව ඉකුත් මැයි මස 1 වැනි දින නිකවැරටිය රස්නායකපුර දී අත්අඩංගුවට ගෙන මාස දෙකක කාලයක් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප‍්‍රශ්න කර ඇති බවද, මොහු ත‍්‍රස්ත කල්ලි සාමාජිකයකු බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු ඊයේ (8) රාති‍්‍රයේ ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයට බාරදුන් බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙලෙස වැඩිදුර පරීක්ෂණ සඳහා බාර දී ඇත්තේ හෙට්ටිපොළ ප‍්‍රදේශයේ පල්ලියක මවුලවීවරයෙකු වශයෙන් කටයුතු කරමින්, දේශනා පවත්වමින් එහි තරුණ තරුණියන් අතර තවුහීත් ජාමාත් සංවිධානයේ ක‍්‍රියාරකම් ප‍්‍රචලිත කර කරමින් සිටි රස්නායකපුර පදිංචි ස්මායිල් මොහොමදු නසීර් (41) නැමැත්තා බවද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 30
11
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තවුහීත් ජමාත් සැකකරුවකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට