(බිඟුන් මේනක ගමගේ)
කාත්තන්කුඩි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයන් හත් දෙනාට ජාතික තවුහිත් ජමාත් ත්‍රස්ත කණ්ඩායම හම්බන්තොට ප්‍රදේශයේදී සන්නද්ධ පුහුණුව ලබා දී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවේ මහ මොළකරු ලෙස හැඳින්වෙන සහරාන් හෂීම්ගේ සමීපතමයන් ලෙස හඳුනාගෙන ඇති මෙම පිරිස හම්බන්තොට ප්‍රදේශයට ගෙනයාමේ කටයුතු සිදුකරනු ලැබ ඇත්තේ හෂීම්ගේ සොහොයුරකු විසින් බව එම නිලධාරියා කීය.
කාත්තන්කුඩි පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්.පී කස්තුරිආරච්චි මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරයට මෙම පිරිසේ සම්බන්ධයක් තිබේද යන්නත් ඔවුන්ගේ ඉදිරි සැලැසුම් ගැනත් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකෙරෙන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.