(විනීතා එම් ගමගේ)
තවත් රාජ්‍ය ආයතන දෙකක් සඳහා සභාපතිවරුන් පත් කරනු ලැබ ඇත.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපතිවරයා ලෙස කමල් සේනක රත්වත්තේ මහතා පත්කරනු ලැබ ඇත.
කමල් සේනක රත්වත්තේ මහතා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ බාල සහෝදරයා වූ ක්ලිෆඩ් රත්වත්තේ මහතාගේ පුත‍්‍රයා වෙයි.
තමන්ගේම තේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන රත්වත්තේ මහතා රාජ්‍ය රක්ෂණ සංස්ථාවේ උපසභාපතිවරයා ලෙස ද ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සංස්ථාවේ සභාපතිවරයා ලෙස ද මීට පෙර කටයුතු කර ඇත.
මේ අතර ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කරනු ලැබ ඇත්තේ ජයම්පති මොල්ලිගොඩ මහතාය.
වරලත් ගණකාධිකාරිවරයකු වන මොල්ලිගොඩ මහතා බොගවන්තලාව තේ සමාගමේ නියෝජ්‍ය සභාපතිවරයා සහ ප‍්‍රධාන විධායක ලෙස කටයුතු කළේය.
ඔහු තේ වගා කේෂ්ත‍්‍රයේ හසල දැනුමක් ඇති අයෙකු වන අතර ඒ සම්බන්ධ ප‍්‍රතිපත්ති සම්පාදනයේ ද නියැලෙන්නෙකි.
2025 දෙසැම්බර් මස 04
38
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
340
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තවත් රාජ්‍ය ආයතන දෙකකට සභාපතිවරු දෙදෙනෙක්
ranjan bandara Wednesday, 25 December 2019 02:03 AM
හොඳ තීරණයක් විය හැකිය.