(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට තවත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් ඉන්දියාවේ සිට ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකින් අද (25) කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ ඇති බව ඉන්දීය ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු සාරානාත් පීරිස් මහතා පැවසීය .
මෙම එන්නත් තොගය ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් අද දින දහවල් 1.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබිණි.
මෙම එන්නත් තොගය සමඟ ගුවන් මගීන් 14 දෙනෙකු සහ තවත් ගුවන් භාණ්ඩ තොගයක් ද රැගෙන එනු ලැබිණී.
මෙම එන්නත් තොගය ගුවන් යානය තුළ ද ශීතකරණ පහසුකම් යටතේ ගබඩා කර , රැගෙන පැමිණ තිබූ අතර, කටුනායක ගුවන් තොටුපළේ දී මෙම එන්නත් තොගය ගොඩ බෑ සැනින් ද , ආනයන ගුවන් භාණ්ඩ ගබඩා සංකීර්ණයේ ශීතකරණ තුළ තැන්පත් කිරීම සිදු විය.
ඉන්පසුව මෙම එන්නත් තොගය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් අයත් විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ මධ්‍යම ගබඩාව වෙත ප්‍රවාහනය කෙරිණි.



2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තවත් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් එයි