(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සහ සමුද්‍රීය පරිසර සංරක්ෂණ අධිකාරියේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව ) හමුවට මේ සතියේදී කැඳවීමට එම කමිටුව තීරණය කර ඇත.
මේ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රධානීන් අනිද්දා (10) දිනයේද සමුද්‍රීය පරිසර සංරක්ෂණ අධිකාරියේ ප්‍රධානීන් ලබන 11 වැනිදා ද කෝප් කමිටුව හමුවට කැඳවෙනු ඇත.
එම ආයතන දෙකේ සිදුවී ඇතැයි පැවසෙන විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති තොරතුරු ගැන කරුණු විමසීම සඳහා ඒවායේ ප්‍රධානීන් කෝප් කමිටුවට මෙසේ කැදවෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ප්‍රධානීහු කෝප් කමිටුව හමුවට පසුගිය සතියේදී කැඳවනු ලැබූහ. පවතින සෞඛ්‍යමය තත්වය හේතුවෙන් පාර්ලිමේන්තු කමිටු රැස්වීම්වලට සීමිත නිලධාරින් පිරිසක් පමණක් පිටස්තරින් කැඳවීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතා පැවසීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
තවත් ආයතන දෙකක් මේ සතියේ කෝප් කමිටුව ඉදිරියට