IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


තවත් ආයතන දෙකක් මේ සතියේ කෝප් කමිටුව ඉදිරියට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ  සහ සමුද්‍රීය පරිසර සංරක්ෂණ අධිකාරියේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර  පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව ) හමුවට මේ සතියේදී කැඳවීමට එම කමිටුව තීරණය  කර ඇත.

මේ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ  ප්‍රධානීන් අනිද්දා (10) දිනයේද  සමුද්‍රීය පරිසර සංරක්ෂණ අධිකාරියේ  ප්‍රධානීන්  ලබන 11 වැනිදා ද කෝප්  කමිටුව හමුවට කැඳවෙනු ඇත.

එම ආයතන දෙකේ සිදුවී ඇතැයි පැවසෙන  විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති තොරතුරු ගැන  කරුණු විමසීම සඳහා ඒවායේ  ප්‍රධානීන් කෝප් කමිටුවට මෙසේ කැදවෙන බව  පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ප්‍රධානීහු  කෝප් කමිටුව හමුවට පසුගිය  සතියේදී  කැඳවනු ලැබූහ. පවතින සෞඛ්‍යමය තත්වය හේතුවෙන්  පාර්ලිමේන්තු කමිටු රැස්වීම්වලට  සීමිත නිලධාරින් පිරිසක් පමණක් පිටස්තරින් කැඳවීමට  තීරණය කර ඇතැයි පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතා පැවසීය.



අදහස් (0)

තවත් ආයතන දෙකක් මේ සතියේ කෝප් කමිටුව ඉදිරියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 7 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 594 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site